චෛත්‍ය පූජා කරන ගාථා
10 මැයි 2015
                     Copyright Claims
                    Copyright Claims
                
Article summary
චෛත්‍ය පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම චෛත්‍ය පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් චෛත්‍ය පූජා කරන්නටත් හැකියි...
වන්දාමි චේතියං සබ්බං - සබ්බඨානේසු පතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධිං - බුද්ධ රූපං සකලංසදා
ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් යුක්ත වූ සැමතැන්හි පිහිටියාවූ සියලු චෛත්‍යය රාජයාණන්වහන්සේලාද, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ද, සියලු බුද්ධ රූප ප්‍රතිමා ආදියද මේ සියලුම දෑ වන්දනා කරමි!
චෛත්‍ය උඩුවියන් කොඩි සේසත් ආදී ඕනෑම ආකාරයක පූජාවක්
පූජා කිරීමට යොදාගත හැකි ගාථාව
අධිවාසේතු නෝ භන්තේ - සබ්බං සද්ධාය පූජිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ සියලුම ආකාරයේ පූජාවන් පිළිගනීවා!