දැහැත් පූජා කරන ගාථා
10 මැයි 2015
                     Copyright Claims
                    Copyright Claims
                
Article summary
දැහැත් පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම දැහැත් පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් දැහැත් පූජා කරන්නටත් හැකියි...
නාගවල්ලි දලූපේතං - චුන්නපූග සමායුතං
තාම්බූලං පති ඝං හාතු - සතං පූජේමි දං දිනෝ
බුලත්, සුණු, පුවක් වලින් යුත්ත වූ මෙම උතුම් දැහැත් පූජා කරමි. බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා!
අධිවාසේතු නෝ භන්තේ - තාම්බූලං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ දැහැත් පිළිගනීවා!