හඳුන්කූරු පූජා කරන ගාථා
10 මැයි 2015
                     Copyright Claims
                    Copyright Claims
                
Article summary
හඳුන්කූරු පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම හඳුන්කූරු පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් හඳුන්කූරු පූජා කරන්නටත් හැකියි...
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන - පූජයාමි තථාගතං
සුවඳවත් වූ ශරීරයෙන් හා වචනයෙන් යුත්ත වූ අනන්ත ගුණ සුවඳ ඇති බුදුරජාණන් වහන්සේට මම සුවඳ පූජා කරමි!
ගන්ධසම්භාර යුත්තේන - ධූපේනාහං සුගන්ධිනා
පූජයේ පූජනීයන්තං - පූජා භාජනමුත්තමං
පිදියයුතු වූ පිදීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ සුවඳ රැසින් යුක්ත වූ සුවඳ දුමින් පුදමි!