සංඥා භාෂාවෙන් සදහම් ව්‍යාපෘතිය
01 මාර්තු 2014
ලක්බිම ප්‍රථම වරට බිහිරි ප්‍රජාව වෙතට සංඥා භාෂාව තුලින් ශ්‍රී සත්ධර්මය බෙදා දීම පිණිස "නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය විසින් අභියෝගාත්මක පියවරක් ඉදිරියට තබා තිබෙනවා. සංනිවේදන අපහසුතාවයන් නිසාම ඉතාමත් අවම දත්ත ප්‍රමාණයක් ලබාගන්නා බිහිරි ප්‍රජාවට බුදු දහම යනු ආගන්තුක මාතෘකාවකි. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ලෝක බිහිරි ප්‍රජාවටම පොදු කරුණකි.
බුදු දහම වැනි ගැඹුරු දර්ශණයක් දෙසවන් ඇසෙන්නන් අතර පවා එතරම් ප්‍රචලිත නොවන අවධියක මේ කරුණ පුදුම විය යුතු කරුණක්ද නොවේ. එහෙත් සැම සතට සැබෑම සතුට ලබා ගැනුමට උපකාරයක් ලබා දෙන "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියට බිහිරි ප්‍රජාව අමතක කර දමන්නට සිත්නොවිනි.
ලෝකයේ සෑම පුද්ගලයෙකුට සෑම දෙයක් කෙරෙහිම අවබෝධයක් ලැබ ගැනුමට පසුතලය තිබිය යුතුය. ඒ පුද්ගලයන්ට තම තමන් කෙරෙහි තීන්දු තීරණ ගැනීමේදී සාර්ථක තීරණයක් ගැනීමට හැකිවෙන්නේ එවිටයි. ශ්‍රී ලාංකීය බිහිරි ප්‍රජාවගේ සිත් සතන් තුටු කරමින් මේ වන විට ශ්‍රී ලාංකික සංඥා භාෂාවෙන් ඉතාමත් සාර්ථකව "නිර්වාණ ධර්ම" ප්‍රචලිත වෙමින් පවතින අතර ලෝකයේ බොහෝ රට වලට ඒ ඒ සංඥා භාෂාවන්ගෙන් සත්ධර්මය බෙදන්නට "නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය මෙසේ කටයුතු කරයි.