උන්වහන්සේගේ අධිශ්ඨානයෙන් හෙබි ධෛර්ය සම්පන්න වූ ක්‍රම වේදයත්, විටින් විට ලබා දුන්න අවවාද අනුශාසනාත් කියවන්න යෙදුන අපට උන්වහන්සේ ජීවමානව අප අසලම සිටිමින් අපගේ යහපත පිණිසම මඟ පෙන්වන සේ දැනෙන්නට සලස්වනවා. නිවී සැනසීමට උපකාර නොවන සිතුවිල්ලක් හෝ වේවා වචනයක් හෝ වේවා කටයුත්තක් හෝ වේවා සිදුවන විට සම්මා සම්බුදු පියාණන්වහන්සේ සමඟින් උන්වහන්සේද අපට දැඩි ලෙසින් අවවාද කරන සෙයක් දැනෙන නිසාම වරද වරද සේ දැක සංවරත්වයට පත්වෙන්නට නිතැතින්ම උපනිශ්‍රයක් වීතිබෙනවා. ආචාරියා මන් භූරිදත්ත අරිහතුන්වහන්සේ පිරිණිවන් පා වසර කීපයක් ගතවී තිබුණද උන්වහන්සේගේ ඒ අනුශාසනා මඟ පෙන්වීම මට මේ මොහොතේදී පවා සිදුවන්නක් සේ මහා උපකාරයක් ගෙන දෙනවා. එය වචනයට හරවන්නට හැකි යැයි නොසිතමි. ඒ නිසාම ඔබටද ඒ ධර්මය ඇසුරු කරන්නට මා යොදාගත්ත පත පොතටම සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන්නෙමි. කාල වේලාව ලැබුනහොත් සිංහලයට පරිවර්ථනය කොට යම් ධර්මකොටස් ලබාදෙන්නට කටයුතු කරන්නම්.... එහෙත් ඒ ගැන නම් පොරොන්දු විය නොහැකියි.
ආචාරියා මන් අරිහතුන්වහන්සේ මට ලබා දුන්න ප්‍රධානතම ඔවදනක් තමයි "තමා මාර්ගය පූර්ණය නොකරගෙන අරිහත්වයට පත්නොවී ආර්ය මාර්ගය අනුගමනය කරමින් සත්ධර්මය ඇසුරු කරන ගමන් මහත් සේ කැපවී බොහෝ කාලයක් වෙන්කොට ගෙන අන් අයට ධර්මය බෙදා හදා දෙමින් ඔවුන්වත් ගොඩ ගැනීමට උත්සාහ දරමින් කැපවීම හරියට, ගඟ එගොඩ වෙන්නට තමන්ට ලැබුණ පාරුවට අනවශ්‍ය බර පටවාගැනීමක් වගේය කියලා. ඉතින් බර වැඩිවෙලා පාරුව ගිලිලා තමනුත් විනාශයට පත්වෙනවා මිස ගඟෙන් එතෙර වෙන්නට නම් තමන්ට හැකියාවක් ලැබෙන එකක් නෑය"යන අවවාදය.
ඇත්තටම එය උන්වහන්සේට උන්වහන්සේගේ වැඩපිලිවෙල කෙරෙහි නැගුන සිතුවිල්ලක් සහ ඉන්පසුව උන්වහන්සේ අප්‍රමාදීව තමන්ගේකාර්ය ප්‍රමුඛ කරගෙන කටයුතු කරගන්නට යොමුවෙලා අරිහත්වයට පත්වූණා.ඒත් එයමටම කිව්වා වගේ. මට දුන්න ප්‍රධානතම ඔවදන වුණා. තව පොඩ්ඩෙන් මමත් පාරුවට අනවශ්‍ය ලෙසින් බර පටවා ගන්නවා. එයින් මට නොයෙක් නොයෙක් කරුණු ඔස්සේ ප්‍රඥාව පූර්ණය කරගැනීමටම හේතුවන බොහෝ උපදෙස් ධර්ම කරුණු ලැබුණා. ඒනිසාම ඒ කරුණින් නිවීමක් ඇති සෙයක් දැන් මටම අත්දැක ගන්නට හැකියාවක් තිබෙනවා. මේ එක් අවස්ථාවක් පමණයි. මෙසේ මොහොතක් පාසා ලැබෙන උපදෙස් අවවාද බොහෝමයක් මට බොහෝ සේ උපකාර වෙනවා.
ඉතින් මේ වෙබ් පිටු කීපය තුල ඔබට මේ උත්තරීතර අරිහතුන්වහන්සේ ගැන සදහන් වෙන වෙබ් අඩවි ග්‍රන්ථ ලබාගත හැකි වෙබ් අඩවි ආදියට සම්බන්ධතා සැපයීම පමණක් සිදුකරන්නට මා කටයුතු කරන්නෙමි. ඒවා ඇසුරු කොට තම තමන්ටද යහපත සලසා ගැනීමට උත්සූක වීම ඔබට භාර කටයුත්තකි. මටත් මුලින්ම මේ ග්‍රන්ථ ඇසුරු කරන්නට අවස්ථාව සැලසුනේ පින්වත් කළන මිතුරු චන්දන සිරිවර්ධන මහතා විසින් දහම් පඬුරක් වශයෙන් මටත් මගේ මහත්තයාටත් ලබා දුන්න ධර්ම ග්‍රන්ථ එකතුව තුලිනුයි. ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමට උපනිශ්‍රයක්ම වේවා යන මෙත් සිතින් යුක්තව ඔහු පිදූ ඒ දහම් පඬුර සැබැවින්ම අපට අසීමාන්තිකව උපකාරයක් උපනිශ්‍රයක් බවට පත්වෙලා තිබෙනවා.
ඉතින්මේ ග්‍රන්ථ ලංකාවට ගෙන්වන පින්වත් පිරිසක් සිටිනවා... සුමින්ද සිරිනාත් සල්පතිකෝරාල ධර්මසේන යන පින්වත් මහතාත් ඔහුගේ දෙමව්පියනුත් දැනට මේ සත්කාර්යය සිදුකරගෙන යනවා... 6G, පලවෙනි පටුමග,පාගොඩ පාර,නුගේගොඩ 10250 තමයි ඒ පින්වත් පිරිසගේ ලිපිනය. මේ විස්තර ඔවුන් විසින් නොමිලේම බෙදා දෙන ඒධර්ම ග්‍රන්ථ වල සටහන් වෙලා තිබෙනවා.ඒ විස්තර මට ලබා දී ඔවුන්ව හඳුන්වාදුන්නේ චන්දන සිරිවර්ධන මහතා විසිනුයි. ඉතින් ඔබත් මේ ග්‍රන්ථ තුලින් හෝ ඒ සත්ධර්මය ඇසුරු කොට යහපත උදාකරගන්නට පෙළඹෙන අතරම මේ පින්වත් පිරිසටත් ආර්යමාර්ගය පූර්ණය කරගැනීම පිණිසම මේ සත්කාර්යය උපනිශ්‍රයක් උපකාරයක්ම වේවායිමෙත් සිත් පතුරවන්නේ නම් ඉතාමත් යහපත් යැයි සිතමි!
ඉතින් උන්වහන්සේ ගැන විස්තර කියවන්නට වෙන්නේ ඉංග්‍රීසි බසින් තමයි. ඒ නිසා ඒ අදාල දේ කියවන්නට කැමත්තෝ වෙත්නම් මෙතැනින් පිවිසෙන්නට කටයුතු කරන්න.
පෙර පිටුවට
උතුම් දිවියෙන් බිඳක්