ගරු ලාමා යෙෂේ නම් හිමි නම විසින් දේශනා කරන ලද බොහෝම අගනා දේශනා රැසක් මට ඉතාමත් උපකාර වෙන නිසාම උන්වහන්සේගේ ඒ දේශනා නිතර කියවා ජීවිතයට ප්රායෝගිකවම ලං කරගන්නට මම බොහෝ උත්සාහ දරමි. මගේ ආර්ය මාර්ගය පූර්ණය කරගැනීම පිණිස නිර්වාණය හිමි කරගැනීම පිණිස යම් සත්පුරුෂයෙකු විසින් මතුකර පෙන්වා දෙන සත්ධර්මයක් උපකාර වේ නම් ඒ උත්තමයන්ට ගරු කිරීම මගේ යුතුකමක් ලෙසින් සලකමි. ඒ නිසාම මේ හිමියන් ගැන අන්තර්ජාලය හරහා මා සොයාගත් කරුණු කාරණා මෙසේ ගොනු කර දක්වමි.
උන්වහන්සේ මහායාන හිමිනමක්... දැනට අපවත් වෙලා වුනත් මහායාන ඉගැන්වීම් වලට අනුව ඒ අය පවසන්නේ මේ හිමි නමත් අනෙකුත් ලාමා වරුන් මෙන් නැවත උපත ලබා ඇති බවත් ඒ තොරතුරු හෙලවී තිබෙන බවයි. ඉතින් ඔය වගේ බාහිර කරුණු ඇත්තටම තම තමන්ගේ විමුක්තිය උදෙසා අනවශ්‍යයයි කියලයි මගේ හැඟීම. අවශ්‍ය කරන සත්ධර්ම කරුණු පමණක් උකහා ගෙන ඒවා තම තමන්ගේ ජීවිතයට ලං කරගෙන තම තමන්ගේ විමුක්තිය ලගා කරගැනීමට කටයුතු කිරීම තම තමන්ගේ වගකීමක් බව මා සිතමි!
ඉතින් උන්වහන්සේ ගැන විස්තර කියවන්නට වෙන්නේ ඉංග්‍රීසි බසින් තමයි. ඒ නිසා ඒ අදාල දේ කියවන්නට කැමත්තෝ වෙත්නම් මෙතැනින් පිවිසෙන්නට කටයුතු කරන්න.