ගරු වහරක අභයරතනාලංකාර හිමියන් කියන්නේ මට දැනට සිටින හොඳම කළ්‍යාණ මිත්‍රයෙක්! නිර්වාණය පිණිසම උපකාර කරන මහා සත්පුරුෂයෙක්! මාගේ මේ ජීවිත කාලය තුල ඇසුරු කරන්නට ලැබෙන ඒ කළ්‍යාණ මිත්‍රයාට සත්පුරුෂයාට හිමි විය යුතු ගෞරවය අංශු මාත්‍රයකින්වත් අඩුවක් නැතිව පුද කරන්නට මා උපරිමයෙන් උත්සාහ කරනවා. ගරු කල යුත්තන්ට ගරු කරන්නට පිදිය යුත්තන් පුදන්නට දෙවරක් නොසිතමි! උන්වහන්සේ කෙරෙහි වූ වරදවා වටහාගත් අදහස් වේ නම් ඒ සියලු දෑ දුරුවීම පිණිසත් විවෘත මනසකින් ප්‍රඥෘවන්තව විමසා කළණ මිතුරු ඇසුර ලැබගැනීම පිණිසත් පැහැදුනුවන්ගේ වඩාත් පැහැදීම පිණිසත් නොපැහැදුනුවන්ගේ වඩ වඩාත් පැහැදීම පිණිසත් හේතු උපකාර වෙත්වා!!!
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමියන් දැනට වැඩ වාසය කරන්නේ ගෝණගල්දෙණිය, වහරක අරියචින්තාශ්‍රම විහාරස්ථානයේයි. උන්වහන්සේගේ සත්ධර්ම දේශනාවන් ඇසීමට...