ෆික්රි ඉස්මයිල්

මිනිසත්කම ඔප්නැංවෙන්නේ මිනිසුන් මිනිසුන්ටත් ඔවුන් කරන යහපත් දෑ කෙරෙහි නිසි ගෞරවය දෙන විටදීය... ඒ මිනිසත්කම තව තවත් බබළන්නේ තම තමන්ගේ දක්ෂකම් තුලින් නිර්මාණය වන දෑ අන් අයගේ හිත සුව පිණිස ලෝභ නැතිව බෙදාගන්නා විටදීය... මේ කොටස වෙන් වන්නේ අන්න එවැනි ත්‍යාගශීලි හදවතක් සහිත තමන්ට හැකි අයුරින් දායක වී මේ කටයුත්ත සාර්ථක කරගන්නට උපකාර කල සැබෑම මිනිසෙක්ට උපහාර පිණිසමයි!

ෆික්රි ඉස්මයිල්

  01 ඔක්තෝබර් 2012

ධර්මය නිසාම මුණගැසුනු ෆික්රි ඉස්මයිල් නම් අපූරු මිත්‍ර‍යා සමහර වෙලාවට නිර්මාණය කරන අපූරු දේවල් මේ දහම් ව්‍යාපෘතියේ කටයුතු උදෙසා යොදාගන්නට අවසරය නොගත්තත් ඔහුගෙන් නම් දොසක් නෑ....

කාලයක් තිස්සේ බොහෝම හොදින් දැන හදුනාගෙන එකම මගක යන්නට කටයුතු කරන සහෝදරයෙක් සේ නන් අයුරින් බොහෝ සේ උපකාර කරන්නේ මේ ධර්මය තුලින් ඇතිවූ විශ්වාසය නිසාමයි.

ඉතින් එවැනි ත්‍යාගශීලි හදවත් ඇති සැබෑම මිනිසෙකුට උපහාර පිණිසත් ඔහුගේ නිර්මාණයන් සම්බන්ධ වී කරන්නාවූ කටයුතු වලින් අංශු මාත්‍ර‍ වශයෙන් හෝ යමෙක් සිත් පහදවාගන්නා මොහොතක් පාසා ඔහුට ඒ මෙත් කිරණ පැතිරවීමටත් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබී ධර්මාවබෝධය පිණිසම මග පෑදේවා යන උතුම් මෙත් ශාන්තියද පෙරදැරිව ඔහු වෙනුවෙන් මෙසේ මේ පිටුව නිර්මාණය කරමි!

මුහුණු පොත හරහා ෆික්රි ඉස්මයිල්ව හමුවන්නට:

මයික්‍රොසොෆ්ට් සමාගමේද ප්‍ර‍ධාන නියමුවෙකු වන ෆික්රිගේ ලින්ක්ඩ්ඉන් (LinkedIn) ප්‍රොෆයිලය;

මෙම වෙබ් අඩවියේ භාවිතා වන ඔහුගේ අපූරු නිර්මාණයන්ගෙන් කිහිපයක්;