කසුන් චන්දන
01 අගෝස්තු 2012
කසුන් චන්දන කියන්නේ ලක්බිම බිහිරි ප්‍රජාව උදෙසා අසීමිතව කැපවී කටයුතු කරන මේ වන විට සම්මානයන්ටද පාත්‍රවූ තරුණයෙක්... කායික වශයෙන් වූ ශ්‍රවණාබාධය තමන් තුලට ගෙන ජීවිතය අගාධයට නොදමා තමන්ගේ හැකියාවන් ඔප් නංවාගෙන සමස්ථ ශ්‍රී ලාංකික බිහිරි ප්‍රජාවගේම ජීවිත ආලෝකමත් කරන්නට කැපවෙන්නට තරම් මේ මිත්‍රයා දක්ෂයෙක්.
සත්ධර්මය නිසාම හමුවී වසර ගණනාවක් තිස්සේ ලෝ සතගේ හිතසුව පිණිස අපට එකතුවී කරන්නට හැකිවූ කටයුතු බොහෝමයි... “සංඥා භාෂාවෙන් නිර්වාණ ධර්මය“ ලබාදීම පිණිස ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම පිණිස මේ මිත්‍රයාගෙන් ලැබෙන සහාය මෙතැකැයි කියා නිම කල නොහැකියි.
ඔහුගේ ඡායාරූපකරණයට ඇති අපූරු දක්ෂකම මේ වෙබ් අඩවියේ කටයුතු උදෙසා නිරන්තරයෙන්ම භාවිතා වන්නේ ඔහුගෙන් දොසක් නම් නොවෙන බව දන්නා නිසාමයි...
සැබැවින්ම දක්ෂකම් රැසකින් සමන්විත කසුන්ගේ සැබෑම දක්ෂකම වන්නේ ඒ සියලු දක්ෂකම් තවත් බොහෝ දෙනෙකුගේ හිත සුව පිණිස අඩු නැතිව භාවිතා කරන නිසාමයි.
ඉතින් එවැනි ත්‍යාගශීලි හදවත් ඇති සැබෑම මිනිසෙකුට උපහාර පිණිසත් ඔහුගේ නිර්මාණයන් සම්බන්ධ වී කරන්නාවූ කටයුතු වලින් අංශු මාත්‍ර වශයෙන් හෝ යමෙක් සිත් පහදවාගන්නා මොහොතක් පාසා ඔහුට ඒ මෙත් කිරණ පැතිරවීමටත් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබී ධර්මාවබෝධය පිණිසම මග පෑදේවා යන උතුම් මෙත් ශාන්තියද පෙරදැරිව ඔහු වෙනුවෙන් මෙසේ මේ පිටුව නිර්මාණය කරමි!
මුහුණු පොත හරහා කසුන්ව හමුවන්නට:
බොහෝ දෙනෙකුගේ හිත සුව පිණිස ඔහුගේ කැපවීම දැකබලාගැනීමට ඔහුට සහායක්වීමට ඔහුගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න:
කසුන් චන්දනගේ නිර්මාණකරණ සළකුණ:
කසුන්ගේ අපූරූ ඡායාරූප අතුරින් කිහිපයක්;