නරේන්ද්‍ර‍ මෙහ්තා

මිනිසත්කම ඔප්නැංවෙන්නේ මිනිසුන් මිනිසුන්ටත් ඔවුන් කරන යහපත් දෑ කෙරෙහි නිසි ගෞරවය දෙන විටදීය... ඒ මිනිසත්කම තව තවත් බබළන්නේ තම තමන්ගේ දක්ෂකම් තුලින් නිර්මාණය වන දෑ අන් අයගේ හිත සුව පිණිස ලෝභ නැතිව බෙදාගන්නා විටදීය... මේ කොටස වෙන් වන්නේ අන්න එවැනි ත්‍යාගශීලි හදවතක් සහිත... කිසිදා නොදුටු නමුත් තමන්ට හැකි අයුරින් දායක වී මේ කටයුත්ත සාර්ථක කරගන්නට උපකාර කල සැබෑම මිනිසෙක්ට උපහාර පිණිසමයි!

නරේන්ද්‍ර‍ මෙහ්තා

  01 ජූලි 2012

නරේන්ද්‍ර‍ මෙහ්තා කියන්නේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍ර‍සිද්ධ කලාකරුවෙක්. ධර්මය නිසාම මුහුණු පොතේ මිතුරන් බවට පත්වූ පසු ඔහු විසින් නිර්මාණය කරන්නට යෙදුන බුදු හිමියන්ගේ රුව සහිත අපූරු නිර්මාණයන් කිහිපයක් දැකගන්නට ලැබුනා.

දහම් කටයුතු උදෙසා ඒවා යොදාගන්නදැයි අවසර පැතූ විට ඔහු දෙවරක් නොසිතාම අවසරය ලබාදුන්නේ ධර්මයට තිබූ පැහැදීම නිසාමයි.

ඉතින් එවැනි ත්‍යාගශීලි හදවත් ඇති සැබෑම මිනිසෙකුට උපහාර පිණිසත් ඔහුගේ නිර්මාණයන් සම්බන්ධ වී කරන්නාවූ කටයුතු වලින් අංශු මාත්‍ර‍ වශයෙන් හෝ යමෙක් සිත් පහදවාගන්නා මොහොතක් පාසා ඔහුට ඒ මෙත් කිරණ පැතිරවීමටත් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබී ධර්මාවබෝධය පිණිසම මග පෑදේවා යන උතුම් මෙත් ශාන්තියද පෙරදැරිව ඔහු වෙනුවෙන් මෙසේ මේ පිටුව නිර්මාණය කරමි!

ඔහුගේ නිල වෙබ් අඩවිය;

මුහුණු පොත හරහා නරේන්ද්‍ර‍ව හමුවන්නට:

නරේන්ද්‍රගේ අපූරු නිර්මාණයන්ගෙන් කිහිපයක්;