රොහාන් නෙත්සිංහ
30 දෙසැම්බර් 2014
මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ආචාර්ය රොහාන් නෙත්සිංහ මහත්මයා සහ වගීෂා රන්සිමාලි මිය අපට ඉතාමත් හිතවත් යුවලකි. ඔවුනට හැකි සෑම අයුරකින්ම පිරිසිදු බුදු දහම ලොවට බෙදන්නට “නිර්වාණ ධර්ම“ මෙන්ම වෙනත් සෑම කටයුත්තකටම අතහිත දෙන්නේ තමන්ට හැකි උපරිමයෙන්මයි.
ආචාර්ය රොහාන් නෙත්සිංහ මහත්මයා අපූරු සංගීතඥයෙකි... සංගීතය පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්නාවූ අධ්‍යාපනවේදියෙකි... ඔස්ට්‍රේලියාවේ RMIT විශ්විද්‍යාලයේ මේ වන විට කතිකාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරන අතර ඔස්ට්‍රේලියාවේ Monash විශ්වවිද්‍යාලයේද සේවයකර ඇත.
“නිර්වාණ ධර්ම“ කටයුතු වලට භාවිතා කර ඇති සංගීත කාණ්ඩයන් අතුරින් 99%ක්ම ආචාර්ය රොහාන් නෙත්සිංහ මහත්මයාගේ සංගීත නිර්මාණවේ. තවදුරටත් ඔවුන්ගේ දැනුම සහ හැකියාව නිර්වාණ ධර්ම වෙත ලබාදෙමින් ඔවුන්ගේ උපරිම සහාය හැකි සෑම අවස්ථාවකම ලබා දෙන්නේ ලොව වටා දහසක් සිත් පිවිතුරු දහමෙන් සුවපත් කිරීම පිණිස තමන්ට හැකි උපරිමයෙන් දායකත්වය ලබා දීම පිණිසමයි!
ඉතින් එවැනි ත්‍යාගශීලි හදවත් ඇති සැබෑම මිනිසුන්ට උපහාර පිණිසත් ඔවුන්ගේ නිර්මාණයන් සම්බන්ධ වී කරන්නාවූ කටයුතු වලින් අංශු මාත්‍ර වශයෙන් හෝ යමෙක් සිත් පහදවාගන්නා මොහොතක් පාසා ඔවුනට ඒ මෙත් කිරණ පැතිරවීමටත් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබී ධර්මාවබෝධය පිණිසම මග පෑදේවා යන උතුම් මෙත් ශාන්තියද පෙරදැරිව ඔවුන් වෙනුවෙන් මෙසේ මේ පිටුව නිර්මාණය කරමි!
ඔවුන්ගේ නිර්මාණ ඇසුරු කරන්න:
ආචාර්ය රොහාන් සමඟ සම්බන්ධවන්න;
යූටියුබ්හි ඔවුන්ගේ නිර්මාණ කිහිපයක්;