සෙබෙස්ටියන්
01 නොවැම්බර් 2014
සෙබෙස්ටියන් කියන්නේ තමන්ගේ ඡායාරූපකරණ හැකියාවත් චිත්‍ර ඇදීමේ හැකියාවත් එකට එකතු කරමින් ලෝකයේම සිත් දිනාගන්නට සමත්වූ සම්මානලාභී නිර්මාණකරුවෙක්.
සෙබෙස්ටියන්ගේ අපූරු ඡායාරූප නිර්මාණයන් දුටු විට ඒවා කොතරම් අපූරුවට ගැඹුරු දහම් කරුණු පහදන්නට භාවිතා කල හැකිදැයි සිතට දැනුනා.
අවසරය ලැබගැනීමට ඔහුට සම්බන්ධවිය හැකි ආකාරයක් සොයන විට මුහුණ පොත (Face book) හරහා ඔහුව හදුනාගන්නට හැකිවුණා. කාරණය පැහැදිලි කර අවසරය පැතූ විට තමන්ගේ ඕනෑම නිර්මාණයක් මේ කටයුතු සාර්ථක කරගැනීමට යොදාගන්නා මෙන් අවසරය ලබාදුන්නේ ඉතාමත් පැහැදීමෙන් යුතුවමයි!
ඉතින් එවැනි ත්‍යාගශීලි හදවත් ඇති සැබෑම මිනිසෙකුට උපහාර පිණිසත් ඔහුගේ නිර්මාණයන් සම්බන්ධ වී කරන්නාවූ කටයුතු වලින් අංශු මාත්‍ර වශයෙන් හෝ යමෙක් සිත් පහදවාගන්නා මොහොතක් පාසා ඔහුට ඒ මෙත් කිරණ පැතිරවීමටත් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබී ධර්මාවබෝධය පිණිසම මග පෑදේවා යන උතුම් මෙත් ශාන්තියද පෙරදැරිව ඔහු වෙනුවෙන් මෙසේ මේ පිටුව නිර්මාණය කරමි!
මුහුණු පොත හරහා සෙබෙස්ටියන්ව හමුවන්නට:
ඔහුගේ අපූරු නිර්මාණ දැක බලාගැනීමට:
- https://www.flickr.com/photos/s-d-g/
- http://1x.com/member/sebastiendelgrosso
- https://500px.com/s_d_g
- https://www.behance.net/s-d-g
- Read a paper article about Sébastien Del Grosso
සෙබෙස්ටියන්ගේ නිර්මාණකරණ සළකුණ:
සෙබෙස්ටියන්ගේ අපූරු නිර්මාණයන්ගෙන් කිහිපයක්;