උදිත වීර
23 දෙසැම්බර් 2016
කසුන් වගේම උදිතත් බිහිරි ප්‍රජාව අතර ප්‍රකට ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ ඡායාරූපකරණ හැකියාවෙන් අපගේ “අහන්න නිර්වාණ ධර්ම“ වැඩසටහන් වලට නිතරම සහාය දෙන්නට ඔහු කැපවී සිටිනවා. ඒ අතුරින් දහම් අදහස් මතු කරන්නට හැකි ඡායාරූප වේ නම් ඒවා “නිර්වාණ ධර්ම“ සදහම් සත්කාරයට යොදාගැනීම කෙරෙහි ඔහුගේ කිසිම විරෝධයක් නෑ. හැකි සෑම විටකම උපරිමයෙන් සහාය දීමට කැපවී සිටින මෙවන් පරිත්‍යාගශීලී උතුම් හදවත් වෙතට අපගේ උපහාරය මෙන්ම ආශිර්වාදය හිමි වේවා!
ඉතින් එවැනි ත්‍යාගශීලි හදවත් ඇති සැබෑම මිනිසෙකුට උපහාර පිණිසත් ඔහුගේ නිර්මාණයන් සම්බන්ධ වී කරන්නාවූ කටයුතු වලින් අංශු මාත්‍ර වශයෙන් හෝ යමෙක් සිත් පහදවාගන්නා මොහොතක් පාසා ඔහුට ඒ මෙත් කිරණ පැතිරවීමටත් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබී ධර්මාවබෝධය පිණිසම මග පෑදේවා යන උතුම් මෙත් ශාන්තියද පෙරදැරිව ඔහු වෙනුවෙන් මෙසේ මේ පිටුව නිර්මාණය කරමි!
උදිත සමඟ මුහුණු පොතේ සම්බන්ධ වන්න;
උදිතගේ නිර්මාණ කිහිපයක්;