චතු අරිය සත්‍යය


පෙර නොඇසූ විරූ දහම් ගැබ්වූ දහම් දකින සූත්‍රය හෙවත් චතුරාර්ය සත්‍ය සූත්‍රය අවබෝධයෙන් තොරව ලෝකයේ අවුල් ගැටලු ප්‍රශ්ණ විසඳා ගන්නට නම් නොහැකියි... ඒ කියන්නේ නිවන් අවබෝධයෙන් සසර පැවැත්ම අවසන් කරගන්නට නම් නොහැකියි. මේ වන විට අරුත් උඩු යටිකුරුව සාමාන්‍ය වචන පෙලක් බවට පත්වී ඇති මේ උතුම් දහම් කොටසේ අප අවබෝධ කරගත යුතු ගැඹුර අනුමාන වශයෙන් හෝ අවබෝධ කරගන්නට හැකි ආකාරයට මේ කොටස තුල උත්සාහවන්ත වෙමු. මේ පෙර නොඇසූ විරූ දහම අපගේ ජීවිතය තුල ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගන්නට මේ කොටස තුලින් වෑයම් කරමු. පෙර සේම දහමේ අපූර්වත්වය දැනෙන පිළිවෙලකට ගොනු කරමින් දහම් විනිවිද දකිමු. තෙරුවණේ නිති රැකවරණ ලැබ පෙර නොඇසූ විරූ දහම් දකීවා!!!