ලොව්තුරා සම්මා සම්බුදු පියාණන්වහන්සේ නමක් පහල වී පෙන්වා දෙන තුරු සාමාන්‍ය ඥානයකට හසු කරගන්නට නොහැකි වූ ලෝකයත් එහි සැබෑවත් විග්‍රහ කරන ලෝකයේ ලක්ෂණ 3 අනුමාන වශයෙන් හෝ හඳුනාගන්නට මේ කොටස වෙන් කරගනිමු... මේ පද විග්‍රහ කර අවසන් කරන්නට හැකියි කිවහොත් එසේ කියන්නේ මේ දහම් කොටස් වල ගැඹුර තවමත් අත්දැක නැති අයෙක්මය... මේ පදයන්ට එක් අර්ථයක් පමණයි කිවහොත් ඒ කියන්නේද මේ දහම් කොටස් වල ගැඹුර අත්දැක නැති නිසාමය... එබැවින් බුදු දහමේ හදවත බදු වූ ලෝකය විනිවිද පෙන්වන තිලකුණු යම්තම් හෝ හඳුනාගන්නට මේ වෑයම ඔබට උපකාරයක්ම වේවා! කළණ මිතුරු ඇසුර ලැබ සත්දහම් ශ්‍රවණයෙන් තිලකුණු අවබෝධයම වේවා!!!