පංච ස්කන්ධය විනිවිද නොදැක දහම් අවබෝධයක් ලබන්නේ යැයි කිවහොත් එය සිදුවිය නොහැක්කක් හා සමානයි... පංචස්කන්ධය විනිවිද නොදැක පංච උපාදානස්කන්ධය නිරෝධය කරන්නේ යැයි සිදුවිය නොහැක්කකි... ඒ නිසාම පෙල දහම පුරාවට මේ කියන පංච ස්කන්ධ සිද්ධාන්තය පෙන්වා දී තිබෙනවා... ඒ පංච ස්කන්ධය අපට බලපාන ආකාරය හඳුනාගැනීමට මේ කොටස තුලින් උත්සාහ දරමු! මේ සෑම විග්‍රහයකදීම මම හිතුවා ඔබට පහසු වෙන්නටත් එක්ක විශේෂ ක්‍රමයක් අනුගමනය කරන්නට. අවබෝධයෙන් යුතුව ත්‍රිපිටක සත්ධර්මය ඇසුරු කරනවා නම් ඔබට අත්දැකගන්නට හැකි අපූරු ක්‍රම රටාවක් ගැලපීමක් ඒ දහම ගොනු කරලා තියෙන ආකාරයේ පවා තියෙනවා. අන්න ඒ දේවලුත් නුවණින් හසුකරගන්නට හැකි වන අයුරින් පෙල දහමේ පෙලගැස්මත් වැටහෙන අයුරින් කරුනු ගොනු වේවි. මේ දහමේ අපූර්වත්වය විශිෂ්ටත්වය අංශු මාත්‍රයකින් සිතට දැනෙන්නට එයටම ලංව නිවන් පිණිස කටයුතු කරගන්නට මේ සියලූ උත්සාහයන් ඔබට උපකාරයක්ම වේවා!