“ආධ්‍යත්මික වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝණ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ලඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්ථමාන වේවා, ප්‍රත්‍ය නිසාවෙන් ඉපදුන යම් රූපයක් වේද ඒ හැම රූපයක්ම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි ලෙසින් අවබෝධ විය යුතුය... ඒ රූපය “මම“ය “මගේ“ය “මගේ ආත්මය“ ලෙසින් නොගැනීම විය යුතුය...“ ලොව්තුරු බුදු හිමියන් තුන් ලෝක වාසී සත්වයා අරඹා කලාවූ මේ දේශනාවේ හරය විනිවිද දැකිය යුතුමය. මේ අවබෝධය පිණිස... මේ ඥානය පිණිස රූපය විනිවිද දැකිය යුතුය.
රූපය නොදන්නේ නම්, රූපයට හේතුව නොදන්නේ නම්, රූප නිරෝධය නොදන්නේ නම්, රූප නිරෝධ මාර්ගය නොදන්නේ නම් ලෝකයත් ලෝකයේ අනේකවිදි දිට්ඨිත් උපදී. රූපයේ යථාවබෝධය ලබන්නේ යම් මොහොතකද එතැන් පටන් ලෝක නිරෝධය පිණිස වූ... සියලු දිට්ඨින්ගේ නිරෝධය පිණිසවූ... පැවැත්ම නැවැත්ම පිණිස වූ... නිවන පිණිස වූ සම්මා දිට්ඨිය උපදී. අන්න ඒ සම්මා දිට්ඨිය පිණිස වූ පෙර නොඇසූ විරූ රූපය විනිවිද දකින්නට මේ දහම් විග්‍රහයන් අංශු මාත්‍ර තරමින් හෝ උපකාරයක්ම වේවා!
මෙම කොටස ඔස්සේ රූපස්කන්ධය යනු කුමක්දැයි මූලිකව හඳුනාගැනීමට කටයුතු කරමු. ඒ සඳහා එදිනෙදා ජීවිතයේ එය යෙදෙන ආකාරය මෙන්ම ත්‍රිපිටක දහම් කොටස් අනුසාරයෙන්ද විග්‍රහ කිරීම් සිදුකරගනිමු.
පෙර පිටුවට
පංච ස්කන්ධය හඳුනාගනිමු
මීළඟ පිටුවට
වේදනා ස්කන්ධය හඳුනාගනිමු