වේදනා ස්කන්ධය හඳුනාගනිමු

රූපයේ ඇත්ත නොදත් විට ඒ ඔස්සේ ලැබෙන වේදනාවද පැටලී යාම සාමාන්‍ය දෙයක්.  එසේ නම් “ආධ්‍යත්මික වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝණ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ලඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්ථමාන වේවා, ප්‍රත්‍ය නිසාවෙන් ඉපදුන යම් වේදනාවක් වේද ඒ හැම වේදනාවක්ම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි ලෙසින් අවබෝධ විය යුතුය... ඒ වේදනාව “මම“ය “මගේ“ය “මගේ ආත්මය“ ලෙසින් නොගැනීම විය යුතුය...“ ලොව්තුරු බුදු හිමියන් තුන් ලෝක වාසී සත්වයා අරඹා කලාවූ මේ දේශනාවේ හරය විනිවිද දැකිය යුතුමය. 

දිය බුබුලකට උපමා කොට වේදනාවේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

අන්න ඒ  ‍අවබෝධ කරගත යුතු වේදනාව, වේදනාවට හේතුව, වේදනා නිරෝධය, වේදනා නිරෝධ මාර්ගය කියන්නාවූ පෙර නොඇසූ විරූ දහම විනිවිද දැකීම පිණිස අවබෝධ කරගැනීම පිණිස වේදනාස්කන්ධය යනු කුමක්දැයි මූලිකව හඳුනාගැනීමට මෙම කොටස ඔස්සේ කටයුතු කරමු. 

ඒ සඳහා එදිනෙදා ජීවිතයේ එය යෙදෙන ආකාරය මෙන්ම ත්‍රිපිටක දහම් කොටස් අනුසාරයෙන්ද විග්‍රහ කිරීම් සිදුකරගනිමු.  මේ වෑයමත් පෙර නොඇසූ විරූ වේදනාස්කන්ධය අවබෝධයට උපකාරයක් පිණිස ඔබට හේතු උපකාර වෙත්වා!