 
                
රූපයේ ඇත්ත නොදත් විට ඒ ඔස්සේ ලැබෙන වේදනාවද පැටලෙනවා, සංඥාවද පැටලෙනවා. රූපයත් වේදනාවත් සංඥාවත් පැටලුන විට ඒ ඔස්සේ සිදුකරන සියලු සංස්කරණයන්, සකස් කිරීම්, සංකාර පැටලෙනවා.
එසේ නම් “ආධ්‍යත්මික වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝණ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ලඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්ථමාන වේවා, ප්‍රත්‍ය නිසාවෙන් ඉපදුන යම් සංකාරයක් වේද ඒ හැම සංකාරයක්ම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි ලෙසින් අවබෝධ විය යුතුය... ඒ සංකාර “මම“ය “මගේ“ය “මගේ ආත්මය“ ලෙසින් නොගැනීම විය යුතුය...“ ලොව්තුරු බුදු හිමියන් තුන් ලෝක වාසී සත්වයා අරඹා කලාවූ මේ දේශනාවේ හරය විනිවිද දැකිය යුතුමය.
සංකාර, සංකාර සමුදය, සංකාර නිරෝධය, සංකාර නිරෝධ මාර්ගය කුමක්දැයි අවබෝධ කරගැනීමද සම්මා දිට්ඨියට පත්වීමයි. නිවන පිණිස වූ පැවැත්ම නැවැත්ම පිණිස වූ, පෙර නොඇසූ විරූ සංකාර විනිවිද දැකීම පිණිස... අවබෝධ කරගැනීම පිණිස... සංකාර ස්කන්ධය යනු කුමක්දැයි මූලිකව හඳුනාගැනීමට මෙම කොටස ඔස්සේ කටයුතු කරමු.
ඒ සඳහා එදිනෙදා ජීවිතයේ යෙදෙන උපමා උදාහරණ උපකාරයෙන්ද ත්‍රිපිටක දහම් කොටස් අනුසාරයෙන්ද විග්‍රහ කිරීම් සිදුකරගනිමු. මේ වෑයමත් පෙර නොඇසූ විරූ සංකාර ස්කන්ධය අවබෝධයට උපකාරයක් පිණිස ඔබට හේතු උපකාර වෙත්වා!
                          පෙර පිටුවට
                         සංඥා ස්කන්ධය හඳුනාගනිමු
                    
                        මීළඟ පිටුවට  
                        විඤ්ඤාණ ස්කන්ධය හඳුනාගනිමු