අභිධර්ම පිටකයේ “විභංග ප්රකරණය“ ආරම්භ වන්නේ “ඛන්ධ විභංගය“ කියන්නාවූ දහම් කොටසිනුයි. “ඛන්ධ“ කියන්නේ “ස්කන්ධ“ කියන එකටයි. “ස්කන්ධ“ විභංග කරලා තෝරාගැනීම පිණිස තමයි “ඛන්ධ විභංග“ය තුල දහම් ගොනු වෙන්නේ.
අවස්ථාව ලැබෙන පරිදි එකින් එක පැහැදිලි කරමින් ගොනු කරන්නට කටයුතු කරන්නම්. මන්ද සත්ධර්මය හරියට මහා සාගරයක් වගේ. එය ජීවිතකාලය තුලදී අන් සියලු කටයුතු නවතා ඒ දහම් විග්රහ කරන්නට පමණක් යෙදෙව්වත් විග්රහ කරලා අවසන් කරන්නට හැකි දෙයක් නොවේ. ඒ අපුරු දහම තමන් තුල විවර කරගන්නට අප්රමාදීව කටයුතු කරගන්නට උපකාරයක්ම වේවා යන මෙත් සිතින් මෙසේ එයින් බිඳක් ගෙන එන්නම්.