මායාවට හසුවන ඉන්ද්‍රීය සහ මායාවෙන් මිදෙන්නට උපකාර වන ඉන්ද්‍රීය... අප තුල ක්‍රියාත්මක වන සියලු ඉන්ද්‍රීයයන්ගේ යථාර්ථය විනිවිද දකින්නට පෙර නොඇසූ විරූ දහම් මේ කොටස තුලින්ද විග්‍රහ කරගනිමු. එදිනෙදා ජීවිතයේදී මේවා අප තුල ක්‍රියාත්මක වන ආකාරය උදාහරණ උපමා තුලින් සහ ත්‍රිපිටක පෙල දහම අනුසාරයෙන්ද විග්‍රහ කරගනිමු. පෙර සේම මේ සෑම විග්‍රහයකදීමත් මම හිතුවා ඔබට පහසු වෙන්නටත් එක්ක විශේෂ ක්‍රමයක් අනුගමනය කරන්නට. අවබෝධයෙන් යුතුව ත්‍රිපිටක සත්ධර්මය ඇසුරු කරනවා නම් ඔබට අත්දැකගන්නට හැකි අපූරු ක්‍රම රටාවක් ගැලපීමක් ඒ දහම ගොනු කරලා තියෙන ආකාරයේ පවා තියෙනවා. අන්න ඒ දේවලුත් නුවණින් හසුකරගන්නට හැකි වන අයුරින් පෙල දහමේ පෙලගැස්මත් වැටහෙන අයුරින් කරුනු ගොනු වේවි. මේ දහමේ අපූර්වත්වය විශිෂ්ටත්වය අංශු මාත්‍රයකින් සිතට දැනෙන්නට එයටම ලංව නිවන් පිණිස කටයුතු කරගන්නට මේ සියලූ උත්සාහයන් ඔබට උපකාරයක්ම වේවා!