මෙම ලිපි පෙල තුලදී අප විසින් පොත පතෙහි නිතර ඇසුරු කරන ධර්ම සිද්ධාන්තයක් තරමින් සීමා නොවී, මේ සසර දුක් කෙලවර කරගැනීමට හේතුවන... පැවැත්ම නැවැත්ම පිණිසම හේතු වන... මේ උත්තරීතර ධර්ම සිද්ධාන්තය අප තුල ක්‍රියාත්මක වන ආකාරය විමසන්නට කටයුතු කරමු! ඒවා එසේ ක්‍රියාත්මක වීමට හේතුවත් ඒවායේ නිරෝධයත් ඒවා නිරෝධ කරගන්නා ආකාරයත් යන හේතු ඵල දහම තුල ගැබ්වන චතු අරිය සත්‍ය නම් වූ “සූත්‍රය“ ක්‍රියාත්මක වන ආකාරයත් අපට තෝරාගත හැකි අයුරින් උදාහරණ උපමා අනුව තෝරා ලියා දක්වන්නට උපරිම උත්සාහයක් දරන්නම්. ඉතින් හැමදාම කියනවා වගේ විශේෂයෙන් කිව යුතුම වන්නේ මේ සියලු සත්ධර්මයම හෝ යම් මාතෘකාවක් සම්බන්ධයෙන් පූර්ණ විග්‍රහයක් නම් නොවේ යන්නයි. එසේ කිසිවෙකුටත් කල නොහැකියි. අවබෝධයෙන් දන්නා අංශු මාත්‍ර වූ ධර්ම කොටසක් වේ නම් එපමණක්වත් සටහන් තබා 100%ක් සාර්ථකව ලියා දැක්වීමට බොහෝ විට අපහසු වෙනවා. නිවීම පිණිස උපකාර කර ගත හැකි තම තමන් විසින්ම අවබෝධයට පත්විය යුතු මේ උතුම් දහම අනුමාන වශයෙන් හෝ දැකගන්නට මේ වෑයම උපකාරයක්ම වේවා! තෙරුවණේ නිති රැකවරණ ලැබ දහම් දැක බුදුන් දකීවා!!!