දන්නා ලෙඩ වලට නොදන්නා බෙහෙත්

යමෙක් ඉපදුනා නම් ලෙඩ වීමට... වයසට යෑමට... දුර්වල වීමට... වෙනස්වීම් වලට ලක්වෙලා මරණයට පත්වීමට සිද්ධ වෙනවාමයි.  එහෙම නේද?  ඉතින් මේ ලෙඩ රෝග කියන්නේ නම් මහා කරදරයක්ම තමයි නේද?  ඔබ මේ වනවිටත් බොහෝ වියදමක් දරාගෙන නොයෙක් ආකාරයෙන් තම තමන්ගේ ලෙඩ රෝග වලට ඖෂධ බෙහෙත් සපයා ගන්නවා ඇති.  ඉතින් මේ කොටසින් ලබාදෙන්නට යන්නේ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ලෙසින් විශ්වාසයෙන් යුතුව ප්‍රයෝජනයට ගත හැකි බෙහෙත් ඖෂධ එකතුවක් සමඟින් ලෙඩ රෝග වලට හේතුවන මුල්වන තවත් බොහෝ කරුණු කාරණා සහිත ලිපි පෙලක් තමයි.  

මේවායේ විශේෂත්වය තමයි පූජ්‍යපාද වහරක හිමියන්ගේ සමාධියට හසුවු සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවට හසුනොවන ආකාරයේ බෙහෙත් ඖෂධ වීම.  මේ වනවිටත් ප්‍රයෝජනයට ගත් බොහෝ දෙනෙක් විවිධ මට්ටම් වලින් සුවපත් භාවයට පත්වීමට මේ බෙහෙත් උපකාර වෙලා තියෙනවා.  

නිවීම පිණිස අත්‍යවශ්‍යම වන ශ්‍රී සත්ධර්ම කරුණු ලිවීමට මුල්තැන දෙන නිසාවෙන් මෙවැනි කොටස් විශේෂයෙන් පුරවන්නට අවස්ථාව නොමැති නිසා මෙහිදී උපුටාගත් ලිපි පෙලක් තමයි දමන්නට කටයුතු කරන්නේ.  මෙවැනි දැනගන්නට දුර්ලභ කරුණු බොහෝම අපූරුවට අංග සම්පූර්ණව ලියා ලෞකික වශයෙන් යහපත උදාකරගැනීම පිණිස පින්වත් පිරිස් වෙත  "හෙළ බොදු පියුම" නම් සඟරාව ප්‍රකාශයට පත්කරමින්  කළ්‍යාණ මිත්‍ර චන්දන සිරිවර්ධන මහතා කරන සේවයත් අගය කරමින් එම සඟරාවේ පලවන ලිපි පෙලක් මෙසේ මෙම කොටසට අදාලව ගොනු කරමි.