ස්වයංජාත හැල් සහලේ කිරිපිඬු පූජාව
31 මැයි 2014
මෑතකදී නිධානයක තිබී සොයාගන්නා ලද සහල් ඇට කීපයක් නැවත වගා කරන්නට යෙදුන අතර සාමාන්‍ය වී වර්ග වලට වෙනසක් සහිතව පොත්තකින් තොරව ඕනෑම දේශගුණික තත්වයකට ඔරොත්තු දෙන ආකාරයේ උක් ගස් වැනි ගස් වර්ගයක සෑදෙන වී වර්ගයක් ලැබිණ. එහි ලක්ෂණ අනුව ධර්මයේ සඳහන් වූ ස්වයංජාත හැල් වලට බොහෝ සමානකම් දක්වන බැවින් ඒ නමින්ම ප්‍රකට වන්නට විය.
අන්න ඒ සහල් වගා කරගෙන පළමු අස්වැන්න නෙළාගෙන 512,028 වූ හොඳම සහල් ඇට එකින් එක පරික්ෂා කොට වෙන් කරගෙන කිරිපිඬු දානයක් සකසා 512,028ක්වූ බුදු පියවරුන් උදෙසා පුදන්නට අප බොහෝ දෙනෙකුට හැකිවුණා.
පූජනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ ඔවදන් ඇතිව මාස ගණනක වෙහෙස මහන්සියෙන් යුතුව අපූරුවට සිදුකෙරුණා වූ මේ අපූරු පින්කමේ අවස්ථා කීපයක් මෙසේ එකතු කරන්නේ පැහැදුනුවන්ගේ වඩාත් පැහැදීම පිණිසත් නොපැහැදුනුවන්ගේ පැහැදීම පිණිසත් හේතු වේවා යන මෙත් සිතින් යුතුවමය.
මෙම අදහස ක්‍රියාත්මක කරගන්නට මූලිකත්වය ගෙන සංවිධානය කරමින් පින්කමට උර දුන්නේ අන්ජානා මහත්මිය, තිස්ස මහතා, සම්පත් ඉන්දික මහතා ඇතුලු පින්වත් උපාසක උපාසිකා පිරිසයි.
 
             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    