ලොව දිගම උඩු වියන් පූජාව
31 ඔක්තෝබර් 2014
මිනිසුන් දස දහසකටත් වඩා ශ්‍රම දායකත්වයෙන් උපකාර කලාවූ උඩුවියන 1.2 km (මීටර 1200) පමණ දිගින් යුතු වූවා. ප්‍රධාන උඩුවියන සම්මා සම්බුද්ධරත්නය සංකේතවත් කල අතර 4 x 4 ප්‍රමාණයේ කුඩා උඩුවියන් ලක්ෂයකින් උතුම් ආර්ය සංඝරත්නයේ මහා අරිහතුන්වහන්සේලා ලක්ෂයක් සංකේතවත් වූවා.
චතු සත්‍ය සංකේතවත් කරමින් ලක්ෂ 4ක පමණ සංකේතවත් මුතු සැරසිල්ලකින් සහ ඒ මැද වූ ලක්ෂය නිවන සංකේතවත් කරමින් ලක්ෂයක් නිල් පැහැ පබළුවකින්ද සැරසුවා. වියන් රාජයා සරසන්නට 50km පමණ දිගැති රන් පැහැ රෙදි කඩක් වූ අතර 800ක් පිරිස දායකත්වයෙන් උඩු වියන එසවීම පිණිස ආධාරක සැකසුවා.
අතිදුර්ලභව දැකගත හැකි මෙවන් වූ පින්කම් දැක සතුටුව සිත පහදාගෙන නිවී සැනසීම පිණිස විදසුන් වඩන්නට ඔබටත් අවස්ථාව මෙසේ උදා කර දෙන්නෙමු.