පංච බල පංච ඉන්ද්‍රිය නැඟෙන්නට හේතුවේ!

  12 මැයි 2015

පංච බල පංච ඉන්ද්‍රිය නැඟෙන්නට හේතුවේ! Copyright Claims

Article summary

ලෝකයෙන් එතෙර නිර්වාණය ලැබ ගැනීමට ලෝකයට සම්බන්ධ මේ දහම් හේතු උපකාර වෙන්නේ කොහොමදැයි විමසා බලන්නට ඕන. කරුණා ශාසනයේ උපකාරය සාරාංශගත කරන ලිපියකි.

  • ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ තියෙන්නේ නිවනට අවශ්‍ය කරන බලයන් 5.  පංච ඉන්ද්‍රියයන්ගෙන් දැකගන්නට නොහැකි නිවන දැකගන්නට හැකිවෙන්නේ මෙන්න මේ කියන ඉන්ද්‍රීය 5 සමසේ වඩාගත් විටදීමයි.  ඒ නිවනට අත්‍යවශ්‍ය මේ අංගයන් වැඩෙන්නට මුල පටන්ගෙනම උපකාර වන මූලික වැඩපිලිවෙල මේ කරුණා ශාසනයට අයත් කොටස තුල තමයි ගැබ්වෙන්නේ.   මුල නැතිව අඟ ලබන්නට නොහැකියිනේ නේද? ඒ කොහොමදැයි මේ කොටස තුලදී දීර්ඝ වශයෙන් විස්තර කරගනිමු.
  • ආයුෂ, වර්ණ, සැප, බල, පටිභාන ඥානය කියන්නාවූ නිවනට අවශ්‍ය කරන සතර දහමක් ලැබගන්නට මුල පටන්ගෙනම උපකාර වන මූලික වැඩපිලිවෙල මේ කරුණා ශාසනයට අයත් කොටස තුල ගැබ්වෙනවා.  ඒ කොහොමදැයි මේ කොටස තුලදී දීර්ඝ වශයෙන් විස්තර කරගනිමු.
  • සෝතාපන්න අංගයන් වන කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සත්ධර්ම ශ්‍රවණය ලැබගන්නට උපකාර වෙනවා. ඒ කොහොමදැයි මේ කොටස තුලදී දීර්ඝ වශයෙන් විස්තර කරගනිමු.
  • අතිදුර්ලභ ගුණයක් වන කළගුණ සැළකීමේ ගුණය වඩා ගන්නට උපකාරයක් වෙනවා. ඒ කොහොමදැයි මේ කොටස තුලදී දීර්ඝ වශයෙන් විස්තර කරගනිමු.
  • නිවීම පිණිස අත්‍යවශ්‍ය වන අතහැරීමේ ගුණය ලැබෙනවා. ඒ කොහොමදැයි මේ කොටස තුලදී දීර්ඝ වශයෙන් විස්තර කරගනිමු.
  • ශ්‍රද්ධාව මුල්කරගත් චරිත ලක්ෂණ සහිත “ශ්‍රද්ධා චරිතයාගේ“ නිවීම, කරුණා ශාසනය පදනම් කරගෙන තිබෙනවා.  ඒ කොහොමදැයි මේ කොටස තුලදී දීර්ඝ වශයෙන් විස්තර කරගනිමු.
  • සෝතාපන්න මග ඵල ලැබූ ආර්ය ශ්‍රාවකයන්ට ඉහල මග ඵල ලබන්නට හේතු උපකාර වන පරිසරය ලබාදෙන්නට මේ කරුණා ශාසනයේ කටයුතු හේතු උපකාර වෙනවා.  ඒ කොහොමදැයි මේ කොටස තුලදී දීර්ඝ වශයෙන් විස්තර කරගනිමු.