මෙත්තා

මෙත්තා

යමෙක් ධර්මාවබෝධයට පත්වූ විට නැගෙන එක්තරා සිතක් තමයි තම තමන්ගේ හිත මිතුරු අන් අයටත් මේ සත්ධර්මය අවබෝධ වූවා නම් කොතරම් වටිනවාද යන අදහස.  ඒ අයත් මේ දුකෙන් මිදුනා නම් මේ සියලු දුක්ඛයන්ගෙන් මිදෙන්නට උපකාර කරන ධර්මය අවබෝධ වූවා නම් කොතරම් යහපත්ද යන සිතුවිල්ල. 

විශේෂයෙන්ම මෙහිදී සිත යොමු වන්නේ සතර අපාගත උපත් ලබමින් මේ පැවැත්ම තුල අත්දකින්නට ලැබෙන නන් ආකාර දුක් මුල්කරගෙනයි.  මේ එක් එක් පැවැත්ම තුල මේ මේ සත්වයින්ට කිසිදු දුක්ඛිත තත්වයක් නොවේවා.  ඒ දුකෙන් මිදෙන්නට ධර්මාවබෝධය හේතු වේවා යන අවංක සිතිවිල්ල තමයි මෙත්තා හෙවත් මෛත්‍රී සිත කියලා කියන්නේ.

නිවැරදි මෛත්‍රිය හෙවත් මෙත්තා චිත්තය යනු කුමක්ද යන්න සියුම්ව අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා ත්‍රිපිටකයේ අඩංගු සූත්‍ර දේශනාද අනුසාරයෙන් විස්තර විග්‍රහ කරගැනීම ඔබට පහසුවක් වේවි. 

හොඳින්ම සිහිපත් කරගත යුතු කාරණය නම් මේ මෙත් සිත බලහත්කාරයෙන් වඩන්නට හැකි දෙයක් නොවන බවයි.  එය තමන්ට අවංකවම පහල වන සිතිවිල්ලක් වූ මොහොතේ පටන්ගෙන එහි වැඩීම වේවි.  එය විමුක්තිය පිණිසම උපකාරයක් වේවි. 

 

අන් අය නොදකින සසුනේ මෛත්‍රිය

මේ බුද්ධ ශාසනයට උරුම නිවන කරා යොමුවූ මෛත්‍රිය හුදෙක් අන් අයට ලෞකික යහපත ලබා දීමක් තුල ගැබ්වූවක් නොවේ.  එය නිවන මුල්...