අපගේ තෙවැනි වැඩසටහන් පෙල ආරම්භ වූයේ ඌව පලාත වෙනුවෙනුයි. වැඩසටහන් වලට ඉතාමත් කැමැත්තෙන් සම්බන්ධ වන සමන් නිසාවෙන් ඒ අවස්ථාව උදාකරගන්නට අපට හැකිවුණා. ඔහු මූලිකත්වය ගෙන බණ්ඩාරවෙල විශේෂ පාසලත් සම්බන්ධකරගෙන ඉතාමත් සාර්ථක වැඩසටහනක් පවත්වන්නට අපට හැකිවුණා. ඌව පලාත වෙනුවෙන් බදුල්ල සහ මොණරාගල එම පලාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක වන අතර ඉදිරි කාලය තුල මෙම ප්‍රදේශ වල වැඩසටහන් පවත්වන්නට අප කටයුතු සූදානම් කරනවා.
මේ වන විට ලක්බිම පලාත් 9 පුරාවට වෙසෙන සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා. මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි.
මේ සෑම සංගමයකම සාමාජිකයන් වැඩිකරගනිමින් බිහිරි සමාජයට තව තවත් සෙත සලසා දෙමින් ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම මේ සත්කාරයේ තවත් අරමුණකි. ඒ කටයුත්ත මේ වන විට සාර්ථකව සිදුවන බව අපට අත්දැකිය හැකියි.
උදව් උපකාර කල සෑම සතට සෙත් පතමින් මෙම කොටස තුලින් ඌව පලාතට වෙන්වූ අපගේ වැඩසටහන් මාලාව ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙන්නෙමු!
පෙර පිටුවට
බස්නාහිර පලාතට සදහම්
මීළඟ පිටුවට
මධ්‍යම පලාතට සදහම්