මාසික වැඩසටහන් එකතුව

මෙම කොටස තුල ගොනු වන්නේ අපගේ "අහන්න නිර්වාණ ධර්ම" මාසික වැඩසටහන් එකතුවයි. මේ වන විට ලක්බිම පලාත් 9 තුලම වෙසෙන සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා. මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි. මේ සියලු දෑ බිහිරි සමාජයට තව තවත් සෙත සලසා, ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම පිණිසමයි!