බ්‍රයන් සුසන්ත, ගේෂානි, පුබෝධා යන දක්ෂ බිහිරි හිතමිතුරන් මේ වන විට CFDසංවිධානය ඔස්සේ ලක්බිම බිහිරි ප්‍රජාවගේ සංඥා භාෂාව දියුණු කිරීම පිණිස මහත්වූ සේවයක් සපයනවා. ඔවුන් අපත් සමඟ ආරම්භයේ පටන්ගෙනම සම්බන්ධ වී කටයුතු කරනවා. ඔවුන්ගේ සහාය නැතිව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන්නට අපටත් අපහසු වෙනවා. ඒ නිසාම ඔවුන්ගේ කැපවීම අගය කලයුතුමයි. උදෑසන පටන්ගෙන රාත්‍රිය දක්වා බොහෝ දින වෙන්කරගෙන අප කැපවන්නේ යහපත්වූ අර්ථවත්වූ දිගුකාලීන වශයෙන් යහපතක් ගෙන දෙන ප්‍රතිඵලයක් ශ්‍රී ලාංකීය බිහිරි ප්‍රජාව වෙත ලබාදෙන්නටයි. ඉතින් මේ කිසිවක් සාර්ථක කරගන්නට හැකිවෙන්නේ නෑ අපේ කසුන් චන්දන සොයුරාගේ කැපවීම නොමැතිව. ඒ වගේම තමයි අපට අමතක කරන්නට නොහැකි චරිතයක් තමයි කැළුම් ඉන්දික සමරවික්‍රම ඔහු තමයි ආරම්භයේ පටන්ගෙනම අපේ ප්‍රධානතම නිල සංඥා භාෂා පරිවර්ථක වශයෙන් කටයුතු කරන්නේ. ඔහු තමන්ගේ කාර්ය ඉතාමත් යහපත් ලෙසින් හඳුනාගෙන අවකංවම උසස් ප්‍රතිඵලයක් ලබාදීමේ අරමුණින් වගකීමෙන් යුතුව අපට සහාය දෙන නිසාම මේ සත්කාර්ය සාර්ථක කරගන්නට අපට හැකිවෙනවා. සහාය දුන් මේ සියලු දෙනාටම මෙත් සිතින් සෙත් පතන අතරම අපගේ කටයුතු අතරතුර ඡායාරූපයට හසුකරගත් අවස්ථා කිහිපයක් මෙසේ බෙදා ගන්නෙමු!
පෙර පිටුවට
විශේෂ දහම් වැඩසටහන්
මීළඟ පිටුවට
මාධ්‍ය සහාය