අපගේ දෙවැනි වැඩසටහන් පෙල ආරම්භ වූයේ බස්නාහිර පලාත වෙනුවෙනුයි. "අහන්න" නිර්මාතෘ කසුන් චන්දන මහතාගේ ගම මාතර නිසාවෙන් දකුණු පලාතෙන් ආරම්භ වූ වැඩසටහන් මාලාව දෙවැනුව බස්නාහිර පලාතට යොමුවූයේ “නිර්වාණ ධර්ම“ සදහම් සත්කාරය පැතිරෙන්නේ බස්නාහිර පලාතෙන් නිසායි. බස්නාහිර පලාත වෙනුවෙන් කොළඹ, ගම්පහ සහ කළුතර යන එම පලාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක තුල වැඩසටහන් පවත්වන්නට අප කටයුතු සූදානම් කරනවා. මේ වන විට කොළඹ වැඩසටහන ඉතාමත් සාර්ථකව සිදුකෙරෙන අතර කොළඹ වැඩසටහනට විවිධ පලාත්වලින් සම්බන්ධ වීමට ඇති පහසුව නිසාම 2017 වසරේ පටන්ගෙන සෑම මසකම සිදුකරන්නට අප උත්සාහ කරනවා.
මේ වන විට ලක්බිම පලාත් 9 පුරාවට වෙසෙන සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා. මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි.
මේ සෑම සංගමයකම සාමාජිකයන් වැඩිකරගනිමින් බිහිරි සමාජයට තව තවත් සෙත සලසා දෙමින් ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම මේ සත්කාරයේ තවත් අරමුණකි. ඒ කටයුත්ත මේ වන විට සාර්ථකව සිදුවන බව අපට අත්දැකිය හැකියි.
උදව් උපකාර කල සෑම සතට සෙත් පතමින් මෙම කොටස තුලින් බස්නාහිර පලාතට වෙන්වූ අපගේ වැඩසටහන් මාලාව ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙන්නෙමු!
පෙර පිටුවට
දකුණු පලාතට සදහම්
මීළඟ පිටුවට
ඌව පලාතට සදහම්