වයඹ පලාතට සදහම්

වයඹ පලාතට "අහන්න නිර්වාණ ධර්ම" මාසික වැඩසටහන් මාලාව

වයඹ පළාත වෙනුවෙන් අපගේ වැඩසටහන් පෙල ආරම්භ වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේනුයි.  වයඹ පලාත වෙනුවෙන් කුරුණෑගල සහ පුත්තලම ප්‍රධාන දිස්ත්‍රික්ක වන අතර මේ දිස්ත්‍රික්ක සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන බිහිරිවූවන්ගේ සංගම් සමඟ එකමුතුව වයඹ පලාතේ බිහිරි ප්‍රජාව වෙනුවෙන් බුදු දහම ලබාදීමට තමයි අපගේ බලාපොරොත්තුව.  

මේ වන විට ලක්බිම පලාත් 9 පුරාවට වෙසෙන සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා.  මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි.  

මේ සෑම සංගමයකම සාමාජිකයන් වැඩිකරගනිමින් බිහිරි සමාජයට තව තවත් සෙත සලසා දෙමින් ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම මේ සත්කාරයේ තවත් අරමුණකි.  ඒ කටයුත්ත මේ වන විට සාර්ථකව සිදුවන බව අපට අත්දැකිය හැකියි.  

උදව් උපකාර කල සෑම සතට සෙත් පතමින් මෙම කොටස තුලින් වයඹ පලාතට වෙන්වූ අපගේ වැඩසටහන් මාලාව ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙන්නෙමු!