කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 2න් සමන්විත සබරගමුව පලාතේ වැඩසටහනක් පවත්වන්නට තවමත් අපට අවස්ථාව නොලැබුණත් මෙම පලාත් වලින් බිහිරි ප්‍රජාව සම්බන්ධ වන්නේ ඉතාමත් ඕනෑකමින්මයි. 2017 වසරේ පටන්ගෙන මේ පලාත් වලටද වැඩසටහන් පවත්වන්නට අප බලාපොරොත්තුවෙන් සිටිනවා.
මේ වන විට සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා. මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි.
මේ සෑම සංගමයකම සාමාජිකයන් වැඩිකරගනිමින් බිහිරි සමාජයට තව තවත් සෙත සලසා දෙමින් ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම මේ සත්කාරයේ තවත් අරමුණකි. ඒ කටයුත්ත මේ වන විට සාර්ථකව සිදුවන බව අපට අත්දැකිය හැකියි.
උදව් උපකාර කල සෑම සතට සෙත් පතමින් මෙම කොටස තුලින් සබරගමුව පලාතට වෙන්වූ අපගේ වැඩසටහන් මාලාව ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙන්නෙමු!
පෙර පිටුවට
උතුරු මැද පලාතට සදහම්
මීළඟ පිටුවට
නැගෙනහිර පලාතට සදහම්