"අහන්න" සමාජ සත්කාරයේ පදනම පිහිටා තිබෙන්නේ දකුණු පලාතේ කිව්වොත් වරදක් නෑ. "අහන්න" නිර්මාතෘ කසුන් චන්දන මහතාගේ ගම මාතර, තල්පාවිල ප්‍රදේශයයි. ඔහුගේ ගමන් මග ආරම්භ වුනේම දකුණු පලාත මුල්කරගෙනයි. ඉතින් "අහන්න නිර්වාණ ධර්ම" සදහම් සත්කාරයත් මුලින්ම ආරම්භ කලේ දකුණු පලාතෙන්මයි. 2014 වර්ෂයේ මුලින්ම "අහන්න" ආරම්භ වන දිනයේදී තල්පාවිල පවතින එහි මූලස්ථානයේදී බිහිරි සහ කන් ඇහෙන දෙපිරිසම වෙතට දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වූවා.
ඉන්පසුව පළවෙනි මාසික වැඩසටහන් ක්‍රියාත්මක වුනේ "රුහුණු සුමඟ බිහිරි වූවන්ගේ සංගමය" මුල්කරගෙනයි. එයට හේතුව වුනේ "අහන්න" නිර්මාතෘ කසුන් චන්දන මහතාගේ බොහෝමයක් කටයුතු එම සංවිධානය හරහා සිදුවීම නිසා මෙම වැඩසටහනට පිරිස සම්බන්ධ කරගැනීමට සුදුසුම ක්‍රමය වුනේ එම සංගමය හරහා වීමයි. මේ පිටුවේ ගොනු වන්නේ දකුණු පළාතේ අපගේ වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව සම්පූර්ණ තොරතුරු එකතුවයි.
මේ වන විට ලක්බිම පලාත් 9 පුරාවට වෙසෙන සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා. මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි.
මේ සෑම සංගමයකම සාමාජිකයන් වැඩිකරගනිමින් බිහිරි සමාජයට තව තවත් සෙත සලසා දෙමින් ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම මේ සත්කාරයේ තවත් අරමුණකි. ඒ කටයුත්ත මේ වන විට සාර්ථකව සිදුවන බව අපට අත්දැකිය හැකියි.
උදව් උපකාර කල සෑම සතට සෙත් පතමින් මෙම කොටස තුලින් දකුණු පලාතට වෙන්වූ අපගේ වැඩසටහන් මාලාව ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙන්නෙමු!
මීළඟ පිටුවට
බස්නාහිර පලාතට සදහම්