2015 මාර්තු මස - YMBA, මාතර

අපගේ වැඩසටහන සම්බන්ධයෙන් පුවත්පතේ පලවූ ලිපියක් දැක පැහැදුනු රංජිත් මහතා ප්‍රමුඛ මාතර තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධානීන් රෝහණ විශේෂ පාසලේ පැවැත්වෙන අපගේ වැඩසටහන දැකබලාගන්නට පැමිණියා. ඒ අනුව ඔවුන් මාතර තරුණ බෞද්ධ සංගමයේද මෙවන් වැඩසටහනක් පවත්වන ලෙසින් ආරාධනා කල අතර අපට නොමදව සහාය ලබා දුන්නා. මෙම වැඩසටහනට උපකාර කල රංජිත් මහතා ඇතුලු ප්‍රධාන නිලධාරී සියලු දෙනාටමත් උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!