බිහිරිවූවන්ගේ සංගම් එකතුව

දකුණු පළාතේ විසිර සිටින සමස්ථ බිහිරි ප්‍රජාව වෙතට උතුම් බුදු දහම ඔවුන්ගේ මව් භාෂාව වැනි සංඥා භාෂාවෙන් ලබා දීමට “අහන්න නිර්වාණ ධර්ම” කටයුතු කරනවා.  මෙම සත්කාරයට මූලික හවුල්කරුවා වන කසුන් මහතා සිටින්නේත් දකුණු පළාතේ මාතර ප්‍රදේශයේයි.  ඒ නිසාම අප මුලින්ම මේ වැඩසටහන් ක්‍රියාත්මක කලෙත් දකුණු පළාත මූලික කරගෙනයි. 

දකණු පලාතේ මූලික වශයෙන් ප්‍රධානම බිහිරි සංවිධාන 3ක් තියෙනවා.  ඒ සංවිධාන 3 මුල්කරගෙන ඒ ඒ ප්‍රදේශයේ වැඩසටහන් සිදු කරන්නේ මාසයෙන් මාසයෙන් බෙදී යන ආකාරයටයි. අපගේ වැඩසටහන් සාර්ථක කරගන්නට මේ සංවිධාන වලින් සිදුකරන සහාය ඉතාමත් අගය කොට සළකන්නෙමු.  ඔවුන්ගේ යහපත් කටයුතු සාර්ථක කරගැනීමට මේ සත්කාර්යයන්ගේ ආශිර්වාදය ඔවුනට ලැබේවායි මෙත් සිතින් සෙත් පතන්නෙමු!

මාතර

කසුන් චන්දන මහතා සභාපති ධූරය දරන මාතර සුමඟ රුහුණු ශ්‍රවණ ඌනතා සංසදයෙන් තමයි මුල්ම වැඩසටහන් කිහිපය ආරම්භ වුනේ.  ඉන්පසුව “අහන්න” සමාජ සත්කාරයේ මෙහෙවර සාර්ථක කරගනිමින් අනෙකුත් ප්‍රධාන බිහිරිවූවන්ගේ සංගමයන් එකතු කරගන්නට අපට හැකි වුණා.  මාතර ප්‍රදේශයේ වැඩසටහන පැවැත්වෙන විට සංවිධාන කටයුතු සියල්ලම සිදුකරන්නේ ධර්මයට හිතැති “සුමඟ රුහුණු ශ්‍රවණ ඌනතා සංසදය” විසින් තමයි.  සංගමයේ ලේකම් දයා මහත්මිය ඇතුලු, අමිල මහතා ඇතුලු ස්වෙච්ඡාවෙන්ම බොහෝ උපකාර කරන මාලිකා දර්ශනී මෙනෙවිය ඇතුලු සෑම සියලු සාමාජිකාවන්ට තෙරුවන් සරණම ලැබේවා යැයි මෙත් සිතින් පතමු.  මාතර “සුමඟ රුහුණු ශ්‍රවණ ඌනතා සංසදය” ඔස්සේ මාතර ප්‍රදේශයේ වැඩසටහන්  පිලිබඳව දැනුවත් වීමට ඔබට හැකියාව ඇත.

හම්බන්තොට

සමන් මහතා සභාපති ධූරය දරන හම්බන්තොට බිහිරිවූවන්ගේ සංගමය තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩසටහන් වලට මූලික වශයෙන් උපකාර කරන්නේ.  සමන් මහතා ඇතුලු සෑම සියලු සාමාජික සාමාජිකාවන්ට තෙරුවන් සරණම ලැබේවා යැයි මෙත් සිතින් පතමු.  හම්බන්තොට බිහිරිවූවන්ගේ සංගමය ඔස්සේ හම්බන්තොට ප්‍රදේශයේ වැඩසටහන්  පිලිබඳව දැනුවත් වීමට ඔබට හැකියාව ඇත.

ගාල්ල

මහතා සභාපති ධූරය දරන හික්කඩුව බිහිරිවූවන්ගේ සංගමය විසින් ගාල්ල ප්‍රදේශයේ වැඩසටහන් සංවිධානයට මහත් සේ උපකාර වෙනවා.  සුරංගි මෙනවිය මූලිකව සංගමයේ සාමාජික සාමාජිකා පිරිස ඉතාමත් උනන්දුවෙන් මේ සියලු කටයුතු වලට සහාය වන අතරම ඉෂානි මහත්මිය ඇතුලු සෑම සියලු පිරිසට තෙරුවන් සරණම ලැබේවා යැයි මෙත් සිතින් පතමු.  හික්කඩුව බිහිරිවූවන්ගේ සංගමය ඔස්සේ ගාල්ල ප්‍රදේශයේ වැඩසටහන්  පිලිබඳව දැනුවත් වීමට ඔබට හැකියාව ඇත.