වැඩසටහන් පවත්වන පන්සල

අපගේ පළවෙනි වැඩසටහන පවත්වන්නට යෙදුනේ වල්ගම, මාතර පිහිටි “මෙත්සෙත් බෝධිරාජ ධර්මායතනය“ නම් වූ ස්ථානයේදීයි.  ඉන්පසුව “රුහුණු සුමඟ බිහිරිවූවන්ගේ සංගමය“ පරිශ්‍රයේදී දෙවැනි වැඩසටහන පවත්වන්නට යෙදුන අතර රෝහණ විශේෂ පාසල, මාතර තරුණ බෞද්ධ සංගමයේද වැඩසටහන් පවත්වන්නට යෙදුනා.  ඉන්පසුව මාතර නගර මධ්‍යයේ පිහිටි පරෙයිදූව නම් වූ විහාරස්ථානයේදී කිහිපවරක් වැඩසටහන පවත්වන්නට කටයුතු කලා.  ඉන්පසුව දිගින් දිගටම වැඩසටහන පැවැත්වීම පහසුව පිණිස මාතර නූපේ පිහිටි හිත්තැටිය රජමහාවිහාරස්ථානය තෝරාගන්නට යෙදුනා.  විහාරස්ථානාධිපති කාශ්‍යප හිමියන්ගෙන් සහ එහි වැඩ වසන අනෙකුත් හිමිවරුන්ගෙන්ද විහාරස්ථාන දායක දායිකා පිරිසගෙන්ද ලැබෙන සහාය බොහෝමයි! 

මාතර ප්‍රදේශයට එසේ ස්ථානයක් වෙන් වත්දී හම්බන්තොට වැඩසටහන් සිදුකරන්නට අපට උපකාර වන්නේ සිටිනාමළුව විහාරස්ථානයේ හිමිවරුන් සහ දායක දායිකා පිරිසයි.  

අහන්ගම විශේෂ පාසලෙන් ආරම්භ වූ ගාල්ල ප්‍රදේශයට වෙන්වූ වැඩසටහන් මාලාව හික්කඩුව බිහිරිවූවන්ගේ සංගමය තුලත් ඉන්පසුව අම්බලන්ගොඩ හිරේවත්ත විහාරස්ථානයේදීත් පවත්වන්නට යෙදුනා.