ඓතිහාසික නගරවූ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 2න් සමන්විත රජරට හෙවත් උතුරුමැද පලාතට අපගේ වැඩසටහන් ලැබුනේ වන්දනා චාරිකා ආකාරයෙනුයි. වසරකට වරක් සංවිධානය කරනු ලබන වන්දනා චාරිකාවකට මුල පුරමින් 2016 වසරේදී ප්‍රථම වරට අනුරාධපුර නගරය වන්දනා කරන්නට බිහිරි ප්‍රජාවට අවස්ථාවක් ලැබුණා. ඒ ආකාරයෙන් සෑම වසරකම එක් වන්දනා චාරිකාවක් සූදානම් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවේ මේ දිස්ත්‍රික්ක වලට සම්බන්ධ සංවිධාන සමඟ එකතුව මාසික වැඩසටහන් ලබාදෙන්නටත් අප බලාපොරොත්තු වෙනවා.
මේ වන විට ලක්බිම පලාත් 9 පුරාවට වෙසෙන සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා. මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි.
මේ සෑම සංගමයකම සාමාජිකයන් වැඩිකරගනිමින් බිහිරි සමාජයට තව තවත් සෙත සලසා දෙමින් ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම මේ සත්කාරයේ තවත් අරමුණකි. ඒ කටයුත්ත මේ වන විට සාර්ථකව සිදුවන බව අපට අත්දැකිය හැකියි.
උදව් උපකාර කල සෑම සතට සෙත් පතමින් මෙම කොටස තුලින් උතුරු මැද පලාතට වෙන්වූ අපගේ වැඩසටහන් මාලාව ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙන්නෙමු!
පෙර පිටුවට
වයඹ පලාතට සදහම්
මීළඟ පිටුවට
සබරගමුව පලාතට සදහම්