උතුම් දළදා ධාතූන්වහන්සේලා වැඩ සිටින ලක්බිම මුදුන්මල්කඩ වූ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් පවත්වන්නට 2016 වසර ආරම්භ වන විට අප කටයුතු කලා. ඉන්පසුව නැවත වරක් බොහෝ පිරිසකගේ උදව් උපකාර ඇතිව නාථ දේවාලයේ දියවඩන නිළමේ තුමන්ගේ පූර්ණ සහාය ඇතිව මහනුවර ප්‍රධාන බිහිරි වූවන්ගේ සංගමයේද උපකාරයෙන් දෙවැනි වැඩසටහනක්ද පවත්වන්නට එම වසරේම අවසාන කාලයේදී අපට හැකිවුණා.
මධ්‍යම පලාතට අයත් නුවර, මාතලේ, සහ නුවරඑළිය දිස්ත්‍රික්ක අතුරින් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල වැඩසටහන් පවත්වන්නට අප 2017 වසරේ පටන්ගෙන උත්සාහවන්ත වෙනවා.
මේ වන විට ලක්බිම පලාත් 9 පුරාවට වෙසෙන සෑම ආගමකම, ජාතියකම, ප්‍රඥාවන්ත බිහිරි ප්‍රජාව වෙතට ඔවුන්ගේම සංඥා භාෂාවෙන් උතුම් දහම් පණිවිඩය රැගෙන යන්නට අපට හැකිවී තිබෙනවා. මේ කටයුතු සාර්ථකව සංවිධානය කරගැනීමට අවශ්‍ය නිසාම අප මේ කටයුත්ත කරගෙන යන්නේ ඒ ඒ පළාත් වල සිටින බිහිරි වූවන්ගේ ප්‍රධාන සංගමයන් හරහායි.
මේ සෑම සංගමයකම සාමාජිකයන් වැඩිකරගනිමින් බිහිරි සමාජයට තව තවත් සෙත සලසා දෙමින් ලක්බිම පුරාම එකම හිත මිතුරන් පිරිසක් ලෙසින් එකතුව කටයුතු කරනවා දැකීම මේ සත්කාරයේ තවත් අරමුණකි. ඒ කටයුත්ත මේ වන විට සාර්ථකව සිදුවන බව අපට අත්දැකිය හැකියි.
උදව් උපකාර කල සෑම සතට සෙත් පතමින් මෙම කොටස තුලින් මධ්‍යම පලාතට වෙන්වූ අපගේ වැඩසටහන් මාලාව ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙන්නෙමු!
පෙර පිටුවට
ඌව පලාතට සදහම්
මීළඟ පිටුවට
වයඹ පලාතට සදහම්