කතා කරන දහම් පොත්

විවිධාකාර ආබාධ නිසාවෙන් කියවන්නට නොහැකි පිරිස වෙතටත්, කාල වේලාව අඩු නිසාවෙන් පොත් කියවන්නට වෙලාවක් නැති පිරිස වෙතටත්, කියවන්නට පුරුද්දක් නැති නිසා කියවන්නට අලස බවක් දැනෙන පිරිස වෙතටත් “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියේ ලිපි ලෙසින් පලවන දෑ “කතා කරන දහම් පොත්“ නමින් ශ්‍රවණය කරන්නට හැකි අයුරින් ලබාදෙන්නේ සත්ධර්ම ඇසුර නිති ලැබීම සසර පැවැත්ම කෙලවර කරගැනීමට උපකාරයක්ම වන නිසාමයි!  පටිගත කිරීමේදි ඇතීවූ ශබ්ද දෝෂ නිසාවෙන් යම් අපහසුතාවයක් සිදුවේ නම් සමාව ලැබෙත්වා! තෙරුවන් සරණින් නිවී සැනසිම පිණිසම මේ වෑයමත් උපකාරයක්ම වෙත්වා!