බුද්ධ පූජාව හුදෙක් ම චාරිත්‍රයක් පමණක් වූ යුගයක... පිළිම වහන්සේලා දන් වළදන්නේ දැයි ප්‍රශ්න කරන පිරිසක් වෙසෙන යුගයක... බුදු රඳුන් උදෙසා තැබූ බුද්ධ පූජාව තමන් ද ආහාරයට ගෙන සතුන්ට ද ආහාර පිණිස දෙන යුගයක... බුද්ධ පූජාව අරබයා අප කටයුතු කල ආකාරය ත්‍රිපිටක සත්ධර්මය ද ඇසුරෙන් පෙන්වා දෙන දහම් විග්‍රහයකි. තම මතයන් ජය ගන්නට තර්ක වාද කරන්නට ඔබට හැකිය. එහෙත් අවසානයේ අස්වැන්න නෙලා ගන්නට වන්නේ ද වැපිරූ ආකාරයටමය. අධර්මයක් ප්‍රකට වේ නම් ධර්මය තුලින් ඒවා පෙන්වා දී නුවණැතියන්ට යහපත පිණිස කටයුතු සලසා දීම තථාගත සම්මා සම්බුද්ධ රත්නයේ ඔවදනයි. අන්න ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සිහිපත් කරගෙන සිදු කරන සියලු පූජාමය කටයුතු නැණවත් ව අර්ථවත් ව සිදු කර ගැනීමට... උත්තරීතර සම්මා සම්බුද්ධ රත්නය අවබෝධයෙන් යුතුව ප්‍රඥාවන්ත ව පිදීම පිණිස... ප්‍රතිපත්ති පූජාවන් සිදු කර ගැනීම පිණිස... “නිර්වාණ ධර්ම” මඟ පෙන්වීමකි. තම තමන්ගේ නිවන් මඟ කළ එළි කර ගැනීම පිණිස ම හේතු උපකාර වෙත්වා!!!
රූපමය දහම් විග්‍රහයක් වශයෙන් සකස් කරන ලද "නැණවත් බුද්ධ පූජාව" දහම් විග්‍රහයේ වීඩියෝ එකතුව.