යූටියුබ්හි දේශනා එකතුව

යූටියුබිහි ඔබ වීඩියෝ දේශනා සවන් දීමේදී වැය වන දත්ත ප්‍රමාණය අවම කරගැනීමට අවශ්‍ය නම් කල යුත්තේ වීඩියෝවේ Quality හෙවත් එහි ගුණාත්මකභාවය අවම අගයකට වෙනස් කරගැනීමයි.  එවිට ඔබට එය නැරඹීමේදී වැය වන දත්ත ප්‍රමාණය (Data) අවම කරගත හැකියි.  පහත දැක්වෙන පරිදි එය වෙනස් කරගැනීමට හැකියි.

01) ඔබ වීඩියෝවක් විවෘත කරගත් පසුව පහත රූපයේ රතුපාටින් රවුම් කර ඇති ලකුණ මත ක්ලික් කරන්න.

02) එවිට ඔබට ලැබෙන කළුපාට කොටුවෙහි රතුපාටින් රවුම් කර ඇති කොටසේ “ > “ ලකුණ මත ක්ලික් කරන්න.

03) ඉන්පසුව ලැබෙන ලැයිස්තුවෙන්  තෝරාගන්නා අගය මත වැයවන දත්ත ප්‍රමාණයද අඩු වැඩි වනු ඇත.  උදා: අවම අගය තෝරාගත හොත් වැයවන්නේ අඩු MB ප්‍රමාණයකි.  සමහර අවස්ථාවලදී HD ලෙසින් ලකුණු වී 780 සහ 1080 දැකගන්නට හැකිවේවි.  ඒවා තෝරාගැනීමේදී GB ප්‍රමාණයක් දත්ත වැය විය හැකිය.

පහත ඇති වීඩියෝ එකතුව යූටියුබ් තුල දහම් අසන්නට යොමුවූ පිරිස වෙතටයි.  මේ පෙර ලැයිස්තුවේ MP3 දේශනා එකතුව මෙසේ වීඩියෝ ආකාරයෙන් එකතු කරන අතර අන්තර්ගතයේ වෙනසක් නැත.  සියලු වෑයම නිවන් මඟට උපකාරයක් වීම පිණිසමයි!  තෙරුවන් සරණ ලැබ නිසි යහපත උදාකරගනිත්වා!

යූටියුබ්හි දේශනා එකතුව