“නිර්වාණ ධර්ම“ දහම් කථා

“නිර්වාණ ධර්ම“ දහම් කථා

පුංචි දහම් කතාවකින් නිවන ලබන්නට හැකි පණිවිඩයක් ගෙන දෙන චලන රූ එකතුවක් තමයි මෙහි තිබෙන්නේ.  පුංචි දරුවෙකුට වුණත් සත්ධර්මය සරලව පෙන්වා දෙන්නට මේවා උපකාර කරගන්නට හැකියි.  අලුත්ම තාක්ෂණික පෙරලියන්ගෙන් යුතු ඉතාමත් දක්ෂ අයුරින් නිමැවුණු චලන රූ එකතුවක් නම් නෙවේ කියලා මුලින්ම කියන්නම වෙනවා.  සමහර විට බලන්නට කම්මැලිත් හිතේවිද දන්නේ නෑ.  ඒත් තිබෙන ප්‍රමාණයෙන් සම්පත් භාවිතා කර කාල වේලාව තිබෙන විටදී සකස් කරන මේ චලන රූ එකතුවේ අදහස නන් අයුරින් නිවෙන මඟ දිවියට ලං කරගන්නට උපකාරයක් වීමමයි.  

සුපුරුදු පරිදි මෙම වෙබ් අඩවියේ නිර්වාණ ධර්ම යටතේ නිර්මාණය වන කිසිවක් උපුටා ගැනීමට කිසිදු බාධාවක් නෑ.  මුදල් ඉපැයීමට හෝ රාග ද්වේශ මෝහ ආදී අකුසලයන් වැඩි කරන්නට උපකාර වන පරිදි මේ දේවල් යොදා ගන්නට එපා කියලාත් සිහිපත් කරනවා.  නිර්මාණයන් සිදුකල උතුම් පරමාර්ථයට ගෞරවය තබමින් නිසි ඵල නෙලාගන්නට නිසි සේ ඇසුරු කරන්නට බුද්ධිමත් ඔබට අවස්ථාව තිබෙනවා.