ආහාර පූජා කරන ගාථා
10 මැයි 2015
                     Copyright Claims
                    Copyright Claims
                
Article summary
ආහාර පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම ආහාර පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් ආහාර පූජා කරන්නටත් හැකියි...
නිවේදයාමි සම්බුද්ධං - වීතරාගං මහාමුනිං
නිමන්තයාමි සුගතං - ලෝකජෙට්ඨං නරාසභං
සම්බුදුරජාණන් වහන්සේට දන්වා සිටිමි. ලෝකනායක වු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ වීතරාගී වූ සුගත වූ මහා මුනීන්ද්රයන් වහන්සේට ආරාධනා කරමි!
යාවතා භගවා ලෝකේ - තිට්ඨෙය්ය තව සාසනං
තාව ඨත්වාන ගන්හාතු - පූජං ලෝකානුකම්පයා
භාග්‍යවතුන් වහන්ස, යම්තාක් කල් ලෝකයෙහි ඔබවහන්සේගේ සසුන පවතින්නේද ඒතාක් කල් ලෝකයාට අනුකම්පා පිණිස සිට පූජා පිළිගනීවා!
අධිවාසේතු නෝ භන්තේ - භෝජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ භෝජනය පිළිගනීවා!
ව්‍යඤ්ජන පූජාව
අධිවාසේතු නෝ භන්තේ - ව්යඤ්ජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ ව්‍යඤ්ජනය පිළිගනීවා!
කැවිලි පූජාව
අධිවාසේතු නෝ භන්තේ - කජ්ඣකං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ කැවිලි පිළිගනීවා!
පළතුරු පූජාව
අධිවාසේතු නෝ භන්තේ - රසවන්තං ඵලාඵලං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ රසවත් පලතුරු පිළිගනීවා!
කිරි ආහාර පූජාව
අධිවාසේතු නෝ භන්තේ - පායාසං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ කිරි ආහාර පිළිගනීවා!
කිරි පැණි පූජාව
අධිවාසේතු නෝ භන්තේ - දධි ඵාණිතං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ කිරි ආහාර පිළිගනීවා!
උපනාමික පූජාවන්
කැවිලි පලතුරු ආදී සියලුම උපනාමික පූජාවන් පූජා කිරීමට මෙම ගාථාව භාවිතා කරන්නටද හැකියි.