අමනුස්ස පිරිසට කරුණාව

ප්‍රේත භූතයෝ අමනුස්සයෝ කිව්වාම නම් බොහෝ පිරිසක් කියන පරක්කුවට භීතිකාවකට පත්වෙනවා.  ඒ භය නිසාම මේ අයගෙන් ඈත් වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ.  මෙන්න මේ ඈත් වෙන්නට දරන උත්සාහය තුලම මේ අයට සැබෑ මෛත්‍රියකින් කරුණාවකින් කටයුතු කරන්නට අප බොහෝ දෙනෙක් අපොහොසත් වෙනවා. 

මෙත් වැඩීම මනුස්ස අමනුස්ස සැමට ප්‍රිය වෙන්නට හේතුවක් වෙනවා කියලා නිකම්ම නෙවේ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ.  අන්න ඒ නිසාම සැබෑම මෛත්‍රියකින් කරුණාවකින් මේ පිරිසට උපකාරයක් වන්නට හැක්කේ කෙසේද යන්න විමසා බලන්නට මේ කොටස වෙන් කරමු.