සත්ව කරුණාව

මෙම කොටස තුලින් අප විග්‍රහ කරගන්නට සැරසෙන්නේ සැබෑ කරුණාව මෛත්‍රිය තිරිසන් සත්ව අත්බැවයේ සිටින සත්වයන්ට ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි. 

මේ වන විට සත්ව කරුණාව කිවූ විට නැවතත් අර්ථය හීන වෙලා සරල වෙලා තිබෙනවා.  එය සත්වයෙකුට කවා පොවා හදා හොඳින් රැක බලාගන්නා තත්වයට පමණක් සීමා වෙලා තිබෙනවා.  එහි වරදක් නෑ.  එයත් සිදුවිය යුතුයි.  ඒ කරුණ තුල ප්‍රඥාව ගැබ් කරන්නේ කොහොමද කියලා විමසා බලමු.

මිනිස් අත්බැවයක් ලබා තිබෙනවා කියලා කියන්නේ තිරිසන් අත්බැවයට වඩා උසස් ගුණයකින් යුතු අත්බැවයක් ලබා තිබෙනවා යන්නයි.  ඉතින් මිනිසෙක් වශයෙන් ඔබ විසින් තිරිසන් සත්වයෙකුට යම් උපකාරයක් කරන විට ඒ තිරිසන් සත්වයා ඔබ කෙරෙහි ඇතිවන පැහැදීමම ඒ සත්වයාට යහපත් අත්බැවයක් සකස් කරන්නට තරම් හේතු වන ශක්තියක් වෙනවා.  මෙන්න මේ කරුණම වැඩි දියුණු කොට ඒ සත්වයන්ට යහපතක් කරදීම තමයි සැබෑ සත්ව කරුණාව තුල ගැබ්වන අදහස.