අසුර අපා දුක

අසූරයා කියන්නේ කාටද? වචනයකට "අ" යන්න දාපුවම එයින් එහි විරුද්ධ අර්ථය තමයි කියැවෙන්නේ නේද?  එහෙනම් සූරයාගේ ඉස්සරහට "අ" දාපුවාම මොකක්ද එයින් එන අදහස? 

සූරයෙක් නොවේ අසූරයෙක් කියලා තමයි ඉන් කියැවෙන්නේ නේද?  ඉතින් සූරයෙක් නෙවේලු... මොකක්ද මේ කියන්නේ... තමන්ට හිමි වැඩකොටසක් තියෙනවානේ... ගෙදර හෝ වේවා... රැකියාවක හෝ වේවා වෙන තැනක හෝ වේවා තමන්ට හිමි වැඩකොටසක් තියෙනවානේ... ඒවගෙන් මග හරින්න බොරු ලෙඩගන්නවා... වෙන අය ලවා තමන්ගේ වැඩ ටිකත් කරගන්නවා... සූර බව නැති කරගෙන විහින්ම අසූරයෙක් වෙලා නේද?  දැන් හේතු හැදුවේ අසුරයෙක් වෙන්නනේ... කැමැත්ත කොහෙටද අසූර බවට... ඉතින් ඔන්න එයාට යන්න පුළුවන් අසුරයන්ගේ රටට නැත්නම් අසුර අපායට... මොකද එහෙ ගිහින් කරන්න වෙන්නේ? 

ගල් ගෙඩි තිබ්බා වගේ දුක් විඳිමින් ඉන්නයි වෙන්නේ... සමහර අසුරයෝ ගල්පර්වත වගේ එයාලට ගල් පර්වත අව්වට රත්වෙනකොට ඒ හා සමානව රත්වෙමින් දැවෙන්න වෙනවා... මහා කඳු වගේ තමන් විඳින දුක දැන දැනම කල්ප ගානක් ගෙවන්න වෙනවා... ගිනි කඳු වගේ පුපුරා යමින් අනන්ත දුක් විඳින්න වෙනවා... නොපෙනෙන ලෝකයේ තිබෙන දේ බොහෝමයි... ඒ දුක් මොහොතකට හෝ අංශු මාත්‍රයකට හෝ දැක්කා නම් ඔබ නැවත ඒවැනි විපාක ලබන්නට හේතු ගොඩනගන වැඩ පිලිවෙල ගැන සිතන්නට පවා යොමු නොවේවි නේද?