විනෝදයද? තිත්ත ඇත්තද?

  13 ජූනි 2017

Article summary

තම තමන්ගේ ශ්‍රාස්තෘන්ගේ දේශනාවන් ප්‍රඥාවන්තව දකින්නට හැකිවූ දිනයට, ඒ අනුව දිවි ගෙවන්නට තරම් ප්‍රඥාවන්තභාවයක් ඔබ ලැබූ දිනයට ඔබට සත්‍යය විවර වනු ඇත.  එතෙක් සත්‍යය ලෙසින් ඔබ දකින්නේ ඔබටම ආවේණිකවූ මුලා දෘෂ්ඨියක්ම පමණි!

අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත්ව සිටින කවුුරුනුත් එය සිතට ගත යුතුය.

සිනාවට වඩා ශෝකය හොඳය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.

පැණවතාගේ සිත යොමුවන්නේ මරණය දෙසටය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසටය.

අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳය.

මන්ද, සැළිය යට උදුනෙහි දරකෝටු පුපුරන ශබ්දය යම්සේද අඥානයාගේ සිනාවත් එසේමය. එහි කිසිම තේරුමක් නැත.

ශුද්ධ වූ බයිබලය - දේශනාකාරයා 7: 2 – 6