ආමිසයෙන් ප්‍රතිපත්තියට
04 මැයි 2015
                     Copyright Claims
                    Copyright Claims
                
Article summary
ආමිස පූජා ලෙසින් බොහෝ දෙනෙක් හඳුන්වන බුදු දහම තුල ප්‍රකට පුද පූජා කිහිපයක් ගැඹුරින් විමසන්නට මත්තෙන් සිතා බැලිය යුතු යමක් මෙසේ එකතු කරමි!
ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාව අනුවණයන් බිහි කරන බවත්, ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව කපටියන් බිහිකරන බවත් දහමේ සඳහන්වන්නකි. ඒ නිසා ප්රඥාවෙන්ම ඉපදුන ශ්‍රද්ධාව හැඳින ශ්‍රද්ධාව තුලින්ම ප්‍රඥාව පූර්ණය පිණිස සිදුවන සැබෑ දහම් මඟ හඳුනාගන්නට මේ කොටස උපකාර වේවි.
නිවන උදෙසා පියාසරන්නට උපකාර වන පියාපත් සේ ප්‍රඥා ශාසනයත් කරුණා ශාසනයත් ප්‍රඥාවන්තයාට උපකාරයක්ම වේ. එහෙත් එය එකිනෙකින් වෙන්වූවක් නම් නොවේ. එයට හේතුව නම් ප්‍රඥාව නැඟෙන්නට නැඟෙන්නට තෙරුවන කෙරෙහිම පහදින්නාවූ ප්‍රඥාවන්තයා තමන්ට කල උපකාරයට පෙරලා හැකි පමණින් කෘතෝපහාරයන් සිදුකරයි. එවන්වූ කෘතෝපහාරයන් සිදුකරන මොහොතක් පාසා ප්‍රඥාවම පූර්ණය පිණිස විදසුන් නුවණින් යුතුවම අර්ථයෙන්, ධර්මයෙන් යුතුවම කටයුතු සිදුකරගනියි.
කිිසිදු අරුතක් නොදැන... කිසිදු දහමක් නොදැන... අනුන් කරනා නිසාවෙන් සිදුකලද, එවන්වූ ශාසනික ලදරුවන්ට පවා අහිතක් නොව සෙතක්ම සිදුවන්නේ හේතුවට අනුව ඵලය සකස් වෙන්නාවූ සිද්ධාන්තය අනුවමය. එහෙත් ශාසනික ලදරුභාවය ඉක්මවා ප්‍රඥාවන්ත වැඩිහිටියන්වන්නට තම තමන් විසින්ම අප්‍රමාදීවම කටයුතු සිදුකරගත යුතුය. සෑම දෙයකම අඩුපාඩු සොයමින් විවේඡන කරමින් අපවාද උපවාද කරමින් නූපන් අකුසලයන් වඩාගන්නට යොමුකරන කාලය ප්‍රඥාව පූර්ණය පිණිස යෙදවීම ප්‍රඥාවන්තයාගේ වැඩපිළිවෙලයි.
උපන් කුසල් රැකෙන... නූපන් කුසල් වැඩෙන... උපන් අකුසල් මැකෙන... නූපන් අකුසල් නොනැඟෙන ආකාරයට කාලය යෙදවීම ප්‍රඥාවන්තභාවයයි. එවන්වූ ප්‍රඥාවක් නඟා ගන්නට අරුත්බරව දහම් දැන විදසුන් නුවණින් යුතුව තෙරුවන උදෙසා ප්‍රතිපත්තිමය පූජාවන් සිදුකරන්නට මේ ධර්ම දානය ඔබට අංශු මාත්‍ර හෝ රුකුලක් ගෙන දේවි.
සංසාර අනාථභාවයෙන් මුදවාගන්නට අපට සරණක් වූ උත්තරීතර තෙරුවන කෙරෙහි අර්ථයෙන් ධර්මයෙන් යුතුව කෘතෝපහාර පුදකරමින් ප්‍රඥාවන්තව නිවන පූර්ණය පිණිස උපකාරයක් වීමට සදහම් කැමති සත වෙත පිදෙන ධර්ම දානයකි!