බුදු දහම තුල ශුද්ධ වූ ග්‍රන්ථ තිබේද?

  07 ජනවාරි 2012

බුදු දහම තුල ශුද්ධ වූ ග්‍රන්ථ තිබේද? Copyright Claims

ත්‍රිපිටකය කියලා කියන්නේ මේ ග්‍රන්ථ මාලාවට තමයි.  අනෙකුත් ආගම් දහම් ලියා පවත්වාගෙන යන ශුද්ධ වූ බයිබලය, කුරාණය, වේද ග්‍රන්ථ වගේ බුදු දහමේ සාරාංශය ලියා තිබෙන්නේ ත්‍රිපිටකය තුලයි.  එහෙත් සෑම ආගමකම කියැවෙන හරය පොතක් පතක් කියවා ලබන දැනුමකින් ලැබගන්නට නොහැකියි වගේම බුදු දහමේ හරය නම් කෙසේ වත් මේ ත්‍රිපිටකය හැදෑරීම තුලින් අත්දැකගන්නට ලැබෙන්නේ නෑ.  

ත්‍රිපිටකය තුල පවතින දහමේ හරය වටහාගන්නටත් හැකිවෙන්නේ මේ දහම අවබෝධ කරගත් සිතටමයි.  මෙහිදී කෙටියෙන් මේ ග්‍රන්ථයන් පිළිබඳව පවසනවා නම් මෙසේයි;

ත්‍රිපිටකය කියන්නේ  කොටස් 3ක එකතුවක්.  

1. විනය පිටකය 

2. සූත්‍ර පිටකය

3. අභිධර්ම පිටකය

මේ දේවල් ගැන වැඩි වැඩියෙන් දැනගන්නට මේ වෙබ් අඩවියේම කොටසක් වෙන් කරලා තියෙනවා.  ඒ නිසා මෙහිදී වැඩි විස්තර දක්වන්නේ නෑ.  මේ තුලින් ඒ අදාල කොටස ඇසුරු කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා.  

ත්‍රිපිටකය තුලින් නිවන් දකින්නට උත්සාහ නොගෙන ත්‍රිපිටකය තුල තිබෙන ගැඹුරු දහම අත්දැකගන්නට ප්‍රායෝගිකව කල යුත්ත සිදුකරන්නට ප්‍රඥාවන්ත වන්න කියලා තමයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන පණිවිඩය.  ඒ ප්‍රායෝගික අත්දැකීම තව තවත් ඔප් නංවා ගන්නට ත්‍රිපිටකය තුල සාරාංශගතව ඇති අපූරු ධර්මය සැබැවින්ම උපකාරයක්ම වෙන බවත් අමතක නොකල යුතුයි.  

ත්‍රිපිටක ඇසුර ලැබගන්නට මෙතැනින් යොමුවෙන්න!

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;